බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්සත් රාජධානිය තුළ කොටි සංවිධානය තවදුරටත් තහනම්

by Lanka Sara Editor
සැප්තැම්බර් 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

එල්.ටී.ටීඊ (‍කොටි) සංවිධානය තවදුරටත් තම රට තුළ තහනම්ත්‍ ත්‍රස්තවාදී සංවිදානයක් ලෙස පළිගැනීමට බ්‍රිතාන්‍යය තීරණය කර ඇත. එ අනුව එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම්වරිය විසින් අංක 7 දරණ එක්සත් රාජධානියේ ත්‍රස්තවාදී පනත යටතේ දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE) සංවිධානය සඳහා වූ තහනම අඛණ්ඩව පවත්වා ගැනීමට ගනු ලැබ ඇති මෙම තීරණය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැනුවත් කොට ඇති බව විදේශ අමාක්‍යංශය නිවේදනය කරයි.

එක්සත් රාජධානිය තුළ එල්ටීටීඊ සංවිධානය සඳහා වූ තහනම ඉවත් කිරීම සඳහා එල්ටීටීඊ පෙරමුණු සංවිධානයකින් කරන ලද ඉල්ලීම, තහනම් සංවිධාන පිළිබඳ අභියාචනා කොමිසම (POAC) හමුවේ සලකා බැලීමෙන්තී පසුව ගනු ලැබූ මෙම තීරණය මඟින් එම ඉලල්ම ප්‍රතික්ෂේප වී ඇත.

එබැවින් යුරෝපා සංගම් කලාපය ඇතුළුව ලොව පුරා වෙනත් රටවල් 30 කට වැඩි සංඛ්‍යාවක මෙන්ම, එක්සත් රාජධානියේ ද එල්ටීටීඊ සංවිධානය තහනම් සංවිධානයක් ලෙස පවතී.

මෙම රටවල කොටි සංවිධානය මුලින්ම තහනම් කරන ලද්දේ, සිවිල් වැසියන් සහ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නායකයින් ඉලක්ක කරගත් මෙම කණ්ඩායමේ කෲරත්වය සහ සාහසිකකම්, සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ වීම සහ ගෝලීය හා කලාපීය ආරක්ෂාවට බලපාන වෙනත් අපරාධ ක්‍රියාකාරකම් හේතුවෙනි. එල්ටීටීඊ තහනම ලොව පුරා අඛණ්ඩව රඳවා තබා ගැනීම, එහි ජාත්‍යන්තර ජාලය හරහා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා මුදල් යෙදවීම, ප්‍රචණ්ඩ අන්තවාදය කරා තරුණයින් රැඩිකල්කරණය කිරීම සහ ජනවාර්ගික අසමගිය ඇති කිරීම සහ ඔවුන් ක්‍රියාශීලීව සිටින සෑම රටකම සාමූහික ජීවිතය කඩාකප්පල් කිරීම සඳහා කටයුතු කරන එම කණ්ඩායමේ අවශේෂ කොටස් විසින් එල්ල කෙරෙන අඛණ්ඩ තර්ජනය හඳුනා ගැනීමක් බව විදේශ අමාත්‍යංශය සඳහන් කරයි. .

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය සටනේ දී, එක්සත් රාජධානිය සහ සියලු රජයන් සමඟ පවතින හවුල්කාරිත්වය ශ්‍රී ලංකා රජය අගය කරන අතර, පුරවැසියන්ගේ ජීවිතවලට තර්ජනය කරන සහ ගෝලීය හා කලාපීය සාමය හා ආරක්ෂාවට තර්ජනයක් වන ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩ අන්තවාදය අවම කිරීම සඳහා එක්සත් රාජධානිය සමඟ කටයුතු කිරීම සඳහා කැපවී සිටී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයග්‍රහණයක් සමග ගමන අරඹයි!

Next Post

“නාලිකාවලට පුළුවන් ඕන මැට්ටෙක් ගෙනල්ලා ජනාධිපති කරන්න” – හරීන්

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.