එළැඹෙන ශ්‍රී පාද සමයේදී වන්දනාවේ යෙදෙන වන්දනාකරුවන්ට මෙවර එන්නත් කාඩ්පත අනිවාර්ය කරමින් සෞඛ්‍ය මාර්ගෝපදේශනයක් ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙවර ශ්‍රීපාද සමය ලබන දෙසැම්බර් 18 වැනිදා සිට 2022 මැයි 16 වැනිදා දක්වා පැවැත්වේ.
මෙම වාරය තුළ ශ්‍රී පාද වන්දනාවේ නිරතවීමට බලාපොරොත්තු වන අය සඳහා තවත් COVID-19 මාර්ගෝපදේශ අතර වන්දනාකරුවන් මුඛ ආවරණ පැළඳ ගමන් කිරීම, දුරස්ථභාවය පවත්වා ගැනීම සහ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම අපේක්ෂා කරන අතර වන්දනාව අවසන් වූ පසු වන්දනාකරුවන්ට පාද මළුව නමස්කාර කළ පසු පිටත්ව යා යුතු අතර එහි රැඳී සිටීම තහනම් වේ.
අදාළ ගැසට් නිවේදනය පහත දැක්වේ.