රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනකු සහ ජනාධිපතිවරයාගේ අතිශය සමීප ව්‍යාපාර නායකයකු ඇතුළු පිරිසක් විසින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර එම තනතුරින් ඉවත් කරවීමට දැරූ උත්සාහය ව්‍යවර්ථ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට හේතුව මෙම ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා ස්ථිර තීරණයක් ගෙන නොමැති වීම බව වාර්තා වන අතර ආචාර්ය ජයසුන්දර තවදුරටත් තම තනතුරේ කටයුතු කරනු ඇති බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ සියලු කටයුතුවලදී තීරණාත්මකව මැදිහත් වන ආචාර්ය පී.බී ජයසුන්දර සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ ඇතැම් සාමාජිකයන් තුළ බරපතල විවේචන පවතින අතර මුල සිට ජනාධිපතිවරයා සමඟ සමීපව කටයුතු කළ එක්තරා ප්‍රබල ව්‍යාපාර නයකයකු ඇතුළු සමීපතයින්ටද ජනාධිපති ලෙකම්වරයා සමඟ යම් විරසකයන් පවතින වාර්තා වේ. මේ තත්ත්වය නිසා ඔවුන් ඊට සුදුසු වෙනත් පුද්ගලයකුද නිර්දේශ කොට තිබුණද ජනාධිපති ලේකම්වරයා තවදුරටත් තනතුරේ රැඳී සිට කටයුතු කර ඇති බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.
සිංගප්පූරුවේ සංචාරයකින් පසුව මෙරට පැමිණි සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී යළිත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පිරිසක් සූදානමින් සිටින බවද ආරංචි මාර්ග සඳහන් කරයි.