සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා නවසීලන්ත පළමු විස්සයි 20 තරගය පෙරවරු 11.45ට ඇරඹෙයි!

by editor
දෙසැම්බර් 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

නවසීලන්තය සහ ශ්‍රි ලංකාව අතර පැවැත්වෙන පළමු විස්සයි 20 තරගය ශ්‍රී ලංකා වෙලාවෙන් පෙරවරු 11.45ට නවසීලන්තයේ මවුන්ට් මන්ගනුයි හි බේ ඕවල් ක්‍රීඩාංගනයේ දි ආරම්භ වේ.

දෙරට අතර පැවැත්වුන අවසන් විස්සයි 20 තරග 5න් තුනක් නවසීලන්තය ජයගෙන තිබේ. එක් තරගයක් ශ්‍රී ලංකාව ජයගෙන ඇත. අනෙක් තරගය නිමා වන්නේ ලකුණු සම වීමෙනි.

නවසීලන්ත පිල මිචෙල් සැන්ට්නර් විසින් සහ ශ්‍රී ලංකා කණ්ඩායම චරිත් අසලංක විසින් මෙහෙයවනු ලැබේ. මේ දෙරට අතර පැවැත්වෙන 26 වැනි ජාත්‍යාන්තර විස්සයි 20 තරගය මෙයය. මින් පෙර පැවති තරගවලින් තරග 14ක් නවසීලන්තය විසින් ද තරගය 10ක් ශ්‍රී ලංකාව විසින් ද දිනාගෙන තිබේ. එක් තරගයක් තීරණයකින් තොරව අවසන් වී ඇත.

“පන්දුවේ ඉපිලීම සහ දෝලනය තමයි අපට මෙහිදි අත් දකින ප්‍රධාන වෙනස”  ශ්‍රී ලංකා නායක චරිත් අසලංක තමන්ට අද (28) මුහුණ දීමට නියමිත තත්ත්වයන් පිළිබඳව සංක්ෂිප්තව කීවේය. ගෙවී ගිය සංචාර වලදී, ශ්‍රී ලංකා පිතිකරුවන් මෙවැනි කොන්දේසිවලට එකඟ වීමට මහත් පරිශ්‍රමයක් දැරුවේය. මව්බිමේ දී වික්‍රමයන් කරන ශ්‍රී ලංකා පන්දු යවන්නට ඒ පැවැත්ම විදේශයන්හි දී සාධනය කරගැනීමට නොහැකි වීම සුලභ අත්දැකීම විය. නමුත් සංචිතය දෙස බැලූ විට ද මේ ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ දේ කිරීමට වඩා හොඳ අවස්ථාවක් ලැබෙනු ඇති බව ජාත්‍යාන්තර විචාරකයෝ කීහ.

“ඔබ ඔවුන්ගේ කණ්ඩායම දෙස බැලුවහොත්, එය ඔවුන් සාමූහිකයක් ලෙස නිපදවා ඇති හොඳම කණ්ඩායම් වලින් එකක් විය හැකිය, ඔවුන් සියලු පැති ආවරණය කර තිබෙනවා. වේගපන්දු යවන්නන් අභියෝගයක්, ඒ දඟ පන්දු යවන්නන් කෙතරම් දක්ෂදැයි අපි දන්නවා. ඔවුන්ගේ පළමු පිතිකරුවන් හය දෙනාම අනතුරුදායක යි. මම හිතන්නේ ඔවුන් එකතු වී සිටින කණ්ඩායමට ඔවුන්ව වසර ගණනාවක් ඉදිරියට ගෙන යා හැකියි.”  නවසීලන්ත සුදු පන්දු නායක මිචෙල් සැන්ට්නර් පළමු තරඟයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ගැන කිවේය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

චරිත් අසලංක කීවේ නවසීලන්ත කණ්ඩායම ඉතාම ප්‍රබල කණ්ඩායමක් බවය. ඔවුන්ගේ මව්බිමේ තණ තීරුවල ඔවුන් සමග කරන අභියෝගාත්මක ක්‍රිකට් ප්‍රයාමය ජයග්‍රහණය පහසු නොවන ආකාරයත් එම ජයග්‍රහණය අත් කරගැනීම එකම අභිලාෂය බවත් චරිත් අසලංක පැවසුවේය.

“රට වෙනුවෙන් තරග කරන විට තරගය අත් නොහැර සටන් වදින සටන්කාමී කණ්ඩාමක් තමයි නවසීලන්ත කණ්ඩායම. නවසීලන්ත කණ්ඩායමේ ඉන්නේ ඉතාම මිත්‍රශීලී ආදරණීය පිරිසක්. අපි ඉතාම හොඳ මිත්‍රයො…” චරිත් අසලංක ජාත්‍යාන්තර මාධ්‍යයට පැවසුවේය.

පසුගිය වසර තුළ සුදු පන්දුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ ප්‍රතිඵල වැඩි ප්‍රමාණයක් ලබා ගත්තේ මව්බිමේ දී තමන්ට හුරු පුරුදු, එමෙන්ම පාලනය කළ හැකි තත්ත්වයන් තුළය. නමුත් මේ තරගාවලිය අවසානයේ දි නුහුරු නුපුහුරුදු තත්ත්වයන් තුළ තමන්ව පරීක්ෂා කිරීමට අවස්ථාව ශ්‍රී ලංකා සුදු පන්දු කණ්ඩායමට ලැබෙන්නේය.

අද පැවැත්වෙන තරගයෙන් අනතුරුව විස්සයි 20 තරගාවලියේ ඉතිරි තරග දෙක දෙසැම්බර් 30 වැනිදා සහ ජනවාරි 02 දා පැවැත්වීමට නියමිතය. දෙවැනි තරගය පැවැත්වෙන්නේ අද තරගය පැවැත්වෙන බේ ඕවල් ක්‍රීඩාංගනයේදීමය. තරගය පෙරවරු 11.45ට ආරම්භ වීමට නියමිතය. තුන්වැනි තරගය ජනවාරි 02 පැවැත්වෙන්නේ නෙස්ලස් හිදී ය. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් 5.45ට ආරම්භ වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලොන්නරුව හබරණ මාර්ගයේ ගිනි ගත් කැබ් එකේ තිබුණු පිලිස්සුන සිරුර දෙකටන ව්‍යාපාරිකයාගේම බව තහවුරු වෙයි!

Next Post

රුපියල් කෝටියකට ආසන්න මුදල් අල්ලසක් ගැනීමට යෑමේ දී සලෝචන ගමගේ සහ තවත් ඉඩම් ව්‍යාපාරිකයෙක් අල්ලස් කොමිසමේ අත් අඩංගුවට…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.