ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස එංගලන්ත කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
සිල්වර්වුඩ්, එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කරනු ලැබුවේ වර්ෂ 2019 ඔක්තෝම්බර් මාසයේදී ය.
වර්ෂ, 2019 – ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය එංගලන්තය ජයග්‍රහණය කරන විට එවකට ප්‍රධාන පුහුණුකරු ට්‍රෙවර් බේලිස් යටතේ එංගලන්ත කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ සිල්වර්වුඩ්ය.
සිල්වර්වුඩ් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග හයක් සහ එක්දින තරග හතක් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි. ඔහු යෝක්ෂයර් සහ මිඩ්ල්සෙක්ස් වෙනුවෙන් ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා කර තිබිණි.
ඔහු ශ්‍රී ලංකාව සමග වසර දෙකක කාලයක් සඳහා ගිවිසුම් ගත වී ඇත.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමඟ ඔහුගේ පළමු තරගාවලිය වනුයේ එළඹෙන බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියයි.
“ජාතික කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රිස් පත් කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. ඔහු අතිශයින්ම පළපුරුදු පුහුණුකරුවෙක්…. බඳවා ගැනීමේ දී ඔහු සමඟ අප කළ සාකච්ඡාවලින් පැහැදිලි වන්නේ කණ්ඩායම ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ගුණාංග ඔහු සතුව ඇති බව යි.“
“මේ අවස්ථාව ගැන මා අතිශයින්ම සතුටින්.. ශ්‍රී ලංකාවට දක්ෂ හා උද්‍යෝගිමත් ක්‍රීඩකයින් පිරිසක් සිටිනවා. ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩලය සමඟ ඉතා ඉක්මනින් හමුවීමට මම බලාපොරොත්තු වෙනවා.., ”ක්‍රිස් සිල්වර්වුඩ් පැවසීය.







