ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන 2022 විස්සයි , විස්ස ක්‍රිකට් ශූරතා තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද ( 02) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.
ක්‍රීඩකයන් 17 දෙනෙකු සහ ප්‍රධාන පුහුණුකරු , සහාය පුහුණුකරුවන් , කළමනාකරු , වේග පන්දු පුහුණුකරු , දඟ පන්දු පුහුණුකරු , භෞතචිකිත්සක සහ වෛද්‍යවරුන් ඇතුළත් නිලධාරීන් 12 දෙනෙක් එම කණ්ඩායමට ඇතුළත් වී සිටියහ.
ඔවුන් අද (02) දින අලුයම 03.30 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් පළමුවෙන්ම ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .
ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ඩුබායි සිට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙත ළගා වීමට නියමිතය .