අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් නොකී අවුරුද්දක් ක්‍රිකට් අත්හිටවූ චාමිකගේ විනය විරෝධී ක්‍රියා හෙළිවේ… සියල්ල පසුපස ආගමික කල්ලියක් !

by editor
නොවැම්බර් 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

විනය  හේතු මත සියලුම  ක්‍රිකට් තරග පිළිබඳ අත්හිටවූ තහනමක් පනවා ඇති ඇති චාමික  කරුණාරත්නට දඬුවම් ලබා දි ඇති චෝදනා දෙක වන්නේ කැසිනෝවක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක පිහිටි අවන්හලක කණ්ඩායමේ ක්‍රීඩකයින් 09 දෙනෙක් සමග සිටි අවස්ථාවේ දී ඇති වී තිබුණ වචන හුවමාරුවක් සහ කාමරය තුළ බුදු පහනක් පත්තු කිරීමේ සිද්ධියක් බව වාර්තා වේ.

තරගය ආරම්භයට පෙර හොටල් කාමරය තුළ   පහන පත්තු කිරීම හෝටලයේ ආරක්ෂක විධානයන් කඩකිරීමක් බවට හෝටල් පාලන අධිකාරිය කළ පැමිණිල්ලක් ප්‍රකාරව ඔස්ට්‍රේලියාවේ දී ම ඔහුව  ඩොලර් දහසක දඩයකට  යටත් කිරීමට ක්‍රිකට්  කළමණාකාරු කටයුතු කර තිබේ.

එහෙත් බුදු  පහන පත්තු කිරීම නිසා  දණ්ඩනයට ලක් වූ වරද  යළිත් විනය කමිටුවට ඉදිරිපත් කර, අවන්හල තුළ ඇතිවූ වචන හුවමාරුවටත් චෝදනා එල්ල කර ඔහු මෙම තහනමට ලක් කර ඇත.

විනය කමිටුව අභියසට පැමිණෙන ලෙස චාමිකට  දැනුම් දී  ඇත්තේ  පෙරේදා (24) කමිටුව රැස්වන වෙලාවට පැයකට  පෙරය. එහිදී ඔහුගෙන් විමසා ඇතැයි වාර්තා වෙන්නෙ කැසිනෝ ශාලාව තුළ ගැටුමක් සිදුවී ද, හොටල් කාමරය තුළ පහනක් පත්තු කිරීම සිදුකළා ද යන කරුණු දෙකය.

එහිදී චාමික පැහැදිලි කර ඇත්තේ තමන් සහ තවත් ක්‍රීඩකයින් 09 දෙනෙක් ගියේ කැසිනෝ ශාලාවට නොව,  කැසිනෝවක් පවත්වාගෙන යන හෝටලයක අවහන්ලකට බවය. රාත්‍රී කෑම ගැනීමේ අභිලාෂයෙන් එතැනට ගිය බවත් ඒ අවස්ථාවේ දී කිසිම ගැටුමක් ඇති නොවුන අතර අවන්හලේ සිටි පිරිසක් සමග  වචන හුවමාරුවක්  පමණක් සිදුවූ බවත්ය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

තරගයට පෙර හෝටල් කාමරය තුළ බුදු පහනක් පත්තු කළ බව පිලිගත් චාමික පෙන්වා දී ඇත්තේ ඒ සඳහා කළමණාකාරිත්වය විසින් ඩොලර් දහසක දඩයකට තමන් යටත් කළ බවය.

කෙසේ වෙතත් ඔහු සමග සිටි අනෙක් කිසිම ක්‍රීඩකයෙකුගෙන් ප්‍රකාශ සටහන් කර නොගෙන සිදුකළ මෙම විනය පරීක්ෂණයේ අරමුණ එළඹෙන ඇෆ්ගනිස්ථාන් සංචාරයෙන් චාමිකව ඉවත් කිරීමට ඇති හේතුව සාධාරනීකරණය කිරීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී චාමික කරුණාරත්න එක්දින සංචිතයෙන් ඉවත් කිරීමට හේතුව විනය කාරණාවක් ද යන්න මාධ්‍යය    විමසූ විට ඊට පිළිතුරු දුන්  ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා ප්‍රකාශ කළේ එය විනය හේතුවක් නොව ක්‍රීඩකයාගේ දක්ෂතාවය මත පදනම්ව ගත් තීන්දුවක් බවය.

එහෙත් තරග තේරීම්වලදී ප්‍රමුඛව සලකා බලන්නේ මින් පෙර පැවති අවසන් එක් දින තරගයේ දී දැක්වූ දක්ෂතා බවත්,  එක්දින තරගයක් සඳහා තේරීමේ දී විස්සයි 20 තරගවලදී දැක්වූ දස්කම්වලට වඩා ප්‍රමුඛ වන්නේ අවසන් එක්දින තරගාවලිය තුළ   දැක්වූ දක්ෂතා බවත් පෙන්වා දෙන ක්‍රිකට් ප්‍රවීනයින්    මින් පෙර ශ්‍රී ලංකාව සහභාගී  වූ අවසන් එක් දින තරගයේ දී ලකුණු 75ක් ලබාගෙන තරගයේ වීරයා වූයේ චාමික කරුණාරත්න බව පෙන්වා දෙයි.

වාර්තාවන ආකාරයට මේ දණ්ඩනයට නොපෙනෙන හේතුවක්  වී ඇත්තේ  කණ්ඩායම තුළ බලවත් වෙමින් ඇති  එක්තරා ආගමික කල්ලියකට මතවාදීමය ලෙස මෙම ක්‍රීඩකයා එරෙහිවීම  බවය.

මේ ලිපියත් බලන්න…

චාමික එක්දින කණ්ඩායමෙන් ඉවතට… බලපෑම් පසුපස ආගමික නිකායක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වෙඩි තැබීමක් නිසා ඇෆ්ගන් පාකිස්ථාන දේශසීමා වල විරසකයක්

Next Post

මේ වසර තුළ හමුවුන HIV ආසාදිතයින් අතර හිමිවරු 03ක්… පාසල් ළමුන්, වෛද්‍යවරුන්, නීතිඥයින් ඉංජිනේරුවන් ඒ අතර…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.