ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අක්‍රමිකතා රැසක් හෙළිදරව් වූ විගණකාධිපතිගේ වෝහාරික විගණන වාර්තාවෙන් පසු ක්‍රිකට් බලධාරීන් වහාම කෝප් කමිටුවට කැඳවන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් කරන ලද ඉල්ලීමට කෝප් කමිටු සභාපති මහාචාර්‍ය රංජිත් බණ්ඩාර මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නොමැති බව වාර්තා වේ.
එනිසා මෙම යෝජනාව ගැන නැවත මේ සතියේ පාර්ලිමේන්තුවේ හඬක් නැගීමට ඔවුන් බලාපොරොත්තු වන බව එක් මන්ත්‍රීවරයකු ලංකාසරට පැවසීය
මීට පෙර ක්‍රිකට් අක්‍රමිකතා පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් පැවැති අතර එහිදී කතා කළ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් කතා කළේ ක්‍රිකට් ආයතනය පිරිසිදු තැනක් කළ යුතු බවයි