මහාචාර්ය රන්ජිත් බණ්ඩාරගේ පුත්‍රයා වූ කණිෂ්ක බණ්ඩාර කෝප් කමිටුවට සහභාගී වී ඇති බවත් විපක්ෂ නායකයා ලෙස තමන්ට සහභාගී වී කතා කිරීම තහනම් කළ කෝප් කමිටුවේ රන්ජිත් බණ්ඩාරගේ පුතා ඉඳගන්නේ කෙසේදැයි කතානායකවරයා පැහැදිලි කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී කථානායකවරයාට දැන්වූයේය.
මේ ප්‍රශ්න කිරීමත් සමග කථානායකවරයා නිරුත්තරවනු දක්නට ලැබිණි. මේ පිළිබඳව පාර්ල්මේන්තු මහලේකම්වරියත් වගකව යුතු බව පැවසූ විට මහේලකම්වරිය කතානායකවරයාට දැන්වූයේ රන්ජිත් බණ්ඩාරගේ පුත් කණිෂ්ක බණ්ඩාර රන්ජත් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ මාධ්‍ය ලේකම් බවය.
නැවත වරක් විපක්ෂ නායකවරයා පැහැදිලි කළේ කඩවී ඇත්තේ තමන්ගේ වරප්‍රසාද බවත්, තමන්ට තමන්ගේ ලේකම්වරයෙක්, අතිරේක ලේකම්වරයෙක් කෝප් කමිටුවට සහභාගී කරවිය හැකිදැයි දන්වන ලෙසය.
එහෙන්ම ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට ගෙන් වූ අවස්ථාවේ දී කෝප් කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය රන්ජිත් බණ්ඩාර ශ්‍රී ලංකා ක්‍රිකට් යටතේ සකස් වෙමින් පවතින නුවර ක්‍රිකට් විශ්විද්‍යාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් පඩි ගන්නා උපදේශකයෙක් බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගොඩනගන්නට යන “බ්‍රේන් සෙන්ටර් “ ව්‍යාපෘතියේ උපදේශක ආයතනය ලෙස පත් කරන්නට යන්නේ මහාචාර්ය රන්ජිත් බණ්ඩාර යටතේ ඇති බිස්නස් මැනේජ්මන්ට් ස්කූල් ඔෆ් කළම්බො ආයතනය බවත්ය.
මේ සියලුම තොරතුරු විපක්ෂ නායකවරයා විසින් සභාගත කළේය.
පාර්ලිමේන්තුවේ වැදගත්ම කමිටුවක් වන කෝප් කමිටුවේ සභාපතිත්තිවරය දරන මෙම පුද්ගලයා මේ කරුණු වසන් කිරිමත් ශ්‍රී ලංකා ක්‍රිකට් කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේ එහි සභාපතිත්තිවය දැරීමත්, ලබැඳියාවේ ගැටුම සම්බන්ධ කාරණාවේ දී පාර්ලිමේන්තු සදාචාරයට නොගැලපෙන බව විපක්ෂ නායකවරයා පැවසුවේය.
මේ පුද්ගලයා කෝප් කමිටුවේ සභාපතිත්තවය දරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරීක්ෂණය මෙහෙයවීම නොකළ යුතු බව විපක්ෂ නායකවරයා සහේතුකව අද පාර්ලිමේන්තුවට අවධාරණය කළේය.