සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා – ඉන්දියා අවබෝධතා ගිවිසුම් බල රහිත කරන්නැයි ඉල්ලූ මූලික අයිතිවාසිකම් පෙත්සම්  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිවුනේ ඇයි…

by editor
අගෝස්තු 4, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම් 7ක් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (අගෝස්තු 4) තීන්දු කළේ ය.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් සහ විනිවිද පෙරමුණ විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කරනු ලැබ තිබිණි.

මෙම පෙත්සම් සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම්වලට අදාළව මූලික විරෝධතා ඉදිරිපත් කරන බව සඳහන් කළේ ය.

‘ජනතා පරමාධිපත්‍යය මුළුමනින් ම උල්ලංඝනය වීමක්‘

ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉන්දීය රජය සමග ශ්‍රී ලංකා රජය ඇතිකර ගෙන තිබෙන අවබෝධතා ගිවිසුම් 7ක් මෙම නඩුකරය තුළින් අභියෝගයට ලක් කර ඇති බව සඳහන් කර සිටියේ ය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ඒ අතරින් ගිවිසුම් දෙකක් පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීම රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති අතර ජාතික ආරක්ෂාව සහ ඉන්දීය ශ්‍රී ලංකා සබඳතාවලට අගතියක් සිදුවිය හැකි බව සඳහන් කරමින් එම තොරතුරු හෙළි කිරීම රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බවත් ඔහු කියා සිටියේ ය.

මෙම ගිවිසුම්වලට අදාළ තොරතුරු අනාවරණය නොකරන ලෙස ඉන්දීය රජය ඉල්ලීමක් කර ඇති නිසා අදාළ තොරතුරු හෙළිදරව් කළ නොහැකි බවට රජය ප්‍රකාශ කර ඇති බවට ත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ජනතාව වෙත පැවරී තිබෙන ජනතා පරමාධිපත්‍යය මුළුමනින් ම උල්ලංඝනය වීමක් වන බවට ත් ඔහු චෝදනා කළේය.

මෙම ගිවිසුම්වලට අත්සන් තබනු ලැබ ඇත්තේ, ජනාධිපතිවරයා හෝ ඔහුගේ නියෝජිතයින් විසින් වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වන ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වගකීමට බැඳී සිටින බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

‘තම අභිමතය පරිදි කටයුතු කිරීමේ බලයක් ජනාධිපතිවරයා වෙත පැවරී නෑ‘

සාමාන්‍යයෙන් විදේශීය රාජ්‍යයක් සමග ගිවිසුම්වලට එළඹීමේදී ඒ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කර ඊට අනුමැතිය ලබා ගත යුතු බවත් මෙවැනි කටයුතු සම්බන්ධයෙන් තම අභිමතය පරිදි කටයුතු කිරීමේ බලයක් ජනාධිපතිවරයා වෙත පැවරී නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ ය.

එහෙත් මෙම ගිවිසුම්වලට එළඹීමට පෙර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව දැනුවත් කර ඊට අනුමැතිය ලබා ගෙන නොමැති බවත් එය නිසි නීතිමය පටිපාටියට පිටුපා සිදුකළ නීතිවිරෝධී ක්‍රියාවක් බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේ ය.

ඉන්දියාව සමග යහපත් සම්බන්ධතා පවත්වාගෙන යාම යහපත් වුවත් මෙවැනි ක්‍රියා නිසා පකිස්ථානය වැනි අසල් වැසි රාජ්‍යයන් සමග පවතින සබඳතාවලට අහිතකර ලෙස බලපෑ හැකි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ ය.

ඒ අනුව, මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසත් අදාළ ගිවිසුම් ක්‍රියාත්මක වීම වළක්වාලන අතුරු තහනම් නියෝග නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඉන් අනතුරුව විනිවිද පෙරමුණ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණිෂ්ක විතාරණ මෙම ගිවිසුම්වල අන්තර්ගත කරුණු ප්‍රකාශයට පත් කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් ජනාධිපතිවරයා ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව පැවසීය.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මෙම ගිවිසුම්වලට අදාළ තොරතුරු ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කළත් ජනාධිපතිවරයා මෙවැනි ගිවිසුම්වලට අත්සන් කර නැති නිසා එහි පිටපත් නොමැති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියා දැනුදී තිබෙන බවත් නීතිඥවරයා සඳහන් කළේය.

නීතිපති දෙපාර්තමේන්තුවේ තර්කය

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සාමාන්‍යයෙන් මෙවැනි ගිවිසුම්වලට එළඹීමේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සාමාන්‍ය පටිපාටිය බව කියා සිටියේ ය.

අමාත්‍ය මණ්ඩලයේ සිටින්නේ ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවත් ඔවුන් මෙම ගිවිසුම් පිළිබඳව දැනුවත් වීමක් සිදුවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.

මෙම ගිවිසුම් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර නොමැති බවට පෙත්සම්කාර පාර්ශවය විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු පදනම් විරහිත බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 වන ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වන්නේ ආයෝජන සම්බන්ධයෙන් විදේශීය රාජ්‍යයන් සමග ඇතිකර ගන්නා ගිවිසුම්, ද්විත්ව බදු ගිවිසුම් බවත් මෙවැනි අවබෝධතා ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවන බවත් කියා සිටියේ ය.

ඒ අනුව, මෙම නඩුකරයට මැදිහත්වීමට තරම් සාධාරණ නීතිමය පදනමක් මෙම පෙත්සම් තුළ අන්තර්ගතව නොමැති හෙයින් ඒවා විභාගයට නොගෙන නිෂ්ප්‍රභ ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වන ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු වගකීමට බැඳී සිටිය ද ජනාධිපතිවරයාට ලැබෙන සියලු තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට නියමයක් නොමැති බවත් ඔහු පැවසීය.

යම් ගිවිසුමක් පිළිබඳ තොරතුරු දැනගනීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට එය කැඳවීමට හැකියාව තිබෙන බවත් එහෙත් මෙහිදී එවැන්නක් සිදුවී නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළේ ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හම්බේගමුවේ වැවක් ඉස්මත්තේ පණ ඇද්ද වන අලියාත් මරුට…

Next Post

අලි ඇත්තු රටට විදේශ විනියම උපයන ජාතික සම්පතක්… උන් රැකගන්න වැඩපිළිවෙළක් රජයට තිබිය යුතුයි… වන්නිලා ඇත්තෝ කියති!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.