ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong සහ ඇමරිකානු තානාපතිනි Julie Chung හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ.
දී ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳව චීන තානාපති Qi Zhenhong හමුවී වාණිජ කටයුතු, ආයෝජන සහ සංවර්ධනය පිළිබඳ අදහස් හුවමාරු කර ගත් බවත්, රටේ දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධනය සහතික කිරීම සඳහා ශ්‍රී ලාංකීය ප්රයත්නයන්ට සහාය දැක්වීමේ ක්‍රම ගැන සාකච්ඡා කළ බවත් ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පැවසුවේ තානාපතිවරුන් දෙදෙනා අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන පුළුල් මාතෘකා පිළිබඳව සුහද සාකච්ඡාවක් පැවැත්වූ බවයි.
ශ්‍රී ලංකාවට දැනට පවතින දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා චීනය සහ එක්සත් ජනපදය එක්ව කටයුතු කළ හැකි බව තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබිණි.