මහියංගනය තෙල්දෙණියාය මුල් කරගෙන ලපටි ගොයම දින කිපයකින් විනාශ කරනා දළඹු උවදුරක් හඳුනාගෙන ඇති බවත්, එය ගොයමට මෙතෙක් විශාල හානියක් නොකළ ගොඩවෙල්ලා නැමති දළඹුවා පවතින දේශගුණික තත්ත්වය මත මතුවීමක් බවත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පවසයි.
ගොවීන් පෙන්වා දී තිබුණේ මෙය තමන් මෙතෙක් නොදත් උවදුරක් බවය. දින කීපයක් තුළ බලා ඉද්දී ගොයම විනාශ වී යන බවය.
මේ පිළිබඳව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කළ විමසුමක දී ඔහු පැවසුවේ මේ තත්ත්වය සම්බන්ධව මේ වනවිටත් දැනුම්වත් බවත් වී පර්යේෂණ මධ්‍යස්ථානයේ නිලධාරීන් දැනටමත් ක්ෂේත්‍රයේ මෙම දළඹු මර්ධනය සඳහා කටයුතු කරමින් ඇති බවත්ය.
“ මෙය අපේක්ෂා කළ තත්ත්වයක් නොවෙයි. සාමාන්‍යයෙන් මේ දළඹුවා උවදුරක් විදිහට මතුවෙලා වගා විනාශය නොකළත් විවිධ පරිසර තත්ත්ව යටතේ එක්වරම මතුවෙන්න පුලුවන්. මේ සිද්ධවෙලා තිබෙන්නෙ එය.
ගොවෙල්ලා මර්ධනය කරන්න පුලුවන් වතුර බැඳීමෙන් සහ නිර්දේශිත කෘමි නාශක භාවිතයෙන්. රට තුළ යම් කෘමිනාශක ප්‍රමාණයක් තිබෙනවා කියලා නිලධාරීන් වාර්තා කරලා තියනවා. මේ යලේ අස්වැන්න අපට ඉතාම වැදගත්. ඒ නිසා ගහ හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නවා.“
කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.
නිර්දේශිත කෘමි නාශක ගෙන්වීමට ලංකාවෙ සියලුම සමාගම්වලට අවශ්‍ය නීතිමය අනුමැතිය ලබා දී ඇතත් රටේ පවතින විනියම හිඟය හේතුවෙන් මේවා ගනේවීමේ යම් අඩුවක් ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.