ඉන්දියානු පිතිකරුවෝ ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේය. ඉලක්කය ලකුණු 229 කි. පන්දු ඕවර 20 අවසානයේ ඉන්දියාව ලකුණු 228ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා පන්දු යවන්නෝ හොඳටම ගුටි කෑහ.
මේ තරගාවලිය පුරාම හඹා යන්නෝ පාරද වූහ. කාසියේ වාසිය දිනූ පාණ්ඩ්‍යා මුලින්ම පන්දුවට පහර දීම තෝරා ගත්තේය. ආරම්භක පිතිකරු ඉෂාන් ක්‍රිෂාන් ලකුණු 1කට දැවී ගියේය. රාහුල් ත්‍රීපති පන්දු 16ක දී ලකුණු 35ක් රැස් කළේය.
අනතුරුව පිටිය එකම ගිනි කෙළි හරඹයකි. සූර්යකුමාර් යාදේව් සහ ශුබ්මන් හතර අතේ පහර එල්ල කළහ. සූර්ය කුමාර් යාදේව් ශතකයක් ලබා ගත්තේය. පන්දු 51 දී ඔහු නොදැවී ලබා ගත් වාර්තාගත ලකුණු 112ට හයේ පහර 09ක් සහ හතරේ පහර 7ක් ඇතුළත් විය.

ආරම්භක පිතිකරු ශුබ්වන් ගිල් පන්දු 36ක දී ලකුණු 46ක් ලැබුවේය. ශුබ්මන් ගිල් සමග පන්දු ඕවර 8.5කදී ලකුණු 111ක් රැස් කිරීමට යාදව් සමත්විය. ඇක්සාර් පටෙල් අවසන් මොහොතේ දී හතරේ පහර 4ක් සමග පන්දු 09ක දී ලකුණු 21 රැස් කළේය..
දිල්ශාන් මදුසංඛ ලකුණු 55ට කඩුළු 02ක්, කසුන් රාජිත් ලකුනු 35ට කඩුල්ලක්, චාමික කරුණාරත්න ලකුණු 52 ට කඩුල්ලක්, වනිදු හසරංග ලකුණු 36ට කඩුල්ලක් ලැබුවේය.
ශ්‍රී ලංකාව දරාගැනීමට අපහසු දැවැන්ත ඉලක්කයක් හඹායෑමේ වෙහෙසකර උත්සාහයකය. දැන් ශ්‍රී ලංකා ඉනිම ඇරඹී ඇත.









