අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාවට අමරිකානු  ඩොලර් මිලියන 206ක හදිසි මුල්‍ය පහසුකමක් සඳහා IMF විධායක මණ්ඩල අනුමැතිය

by editor
දෙසැම්බර් 20, 2025
in පුවත්
IMF
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවට ලබා දෙන අමරිකානු  ඩොලර් මිලියන 206ක හදිසි මුල්‍ය පහසුකමක් සඳහා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල මෙම මූල්‍ය පහසුකම ලබා දෙන්නේ ආපාදාවෙන් පසු සහන ලබාදීමේ ක්‍රියාවලියට අදාලව ශ්‍රී ලංකා රජය සිදුකළ ඉල්ලීමකට අනුවය.

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ  හයවන වාරිකය ලබාදීම සඳහා වූ පස්වන සමාලෝචනය මේ මාසයේ දී සිදුකිරීමට නියමිතව තිබිණි.  නමුත් දිට්වා සුළි කුණාටුවෙන් හට ගත් ආපදාවට සහන ලබාදීමට අදාලව ශ්‍රී ලංකා රජය ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලින් මූල්‍ය පහසුකමක් ඉල්ලා සිටියේය.

ඒ අනුව දෙසැම්බර් සිදුකිරීමට සිටි IMF පස්වන සමාලෝචනය කෙටි කාලයකින් ප්‍රමාද කෙරිනි.  ඒ ආපදාව හේතුවෙන් ඇති වූ ආර්ථික බලපෑම තක්සේරු කිරීමට සහ ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සහ යළි ගොඩනැගීමේ ප්‍රයත්න සඳහා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල උපරිම සහයෝගය ලබා දෙන්නේ කෙසේද යන්න ඇගයිමටත් යම් කාලයක් අවශ්‍ය වූ බැවිනි.

එවන් පසුබිමක මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ඊයේ (19)  ප්‍රකාශ කළේ කඩිනම් මූල්‍යකරණ උපකරණ හෙවත් RFI වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 206ක් පමණ වූ මූල්‍ය පහසුකම ලබාදීම සඳහා එහි විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා දුන් බවය.

RelatedPosts

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ඒ අනුව ආපදා තත්ත්වය හේතුවෙන් බටහත් මූල්‍ය පීඩනයන්ට මුහුණ දීමට ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 206ක් පමණ වූ මූල්‍ය පහසුකමක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතවය ඇත.

හටගත් ආපදා තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට කෙටි කාලීනව යම් බලපෑමක් එල්ල විය හැකි බව ජාත්‍යාන්තර මූල්‍යඅරමුදලේ ශ්‍රී ලංකාව පිලිබඳව වැඩසටහනේ දූත මණ්ඩල  ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ ප්‍රකාශ කර තිබේ.

“ අපි තේරුම් අරන් ඉන්නවා ශ්‍රී ලංකාව මුහුණ  දී ඇති ගැටලුව. ඒ නිසා අපි ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්නවා වගේම අපට  පුලුවන් උපරිම දේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අපි කරනවා. RFI වැඩසටහන මගිනන් ලබා දෙන මූල්‍ය පහසුකම අය-වැය සහාය සඳහා භාවිතා කළ යුතුය යන්නට අපි හැමෝම එකඟ වෙනවා. ඒ නිසා වෙන් කිරීම් සියල්ල මුදල් මාත්‍යාංශය වෙත ලැබෙනු ඇති.“

“අපගේ මූලික ඇස්තමේන්තුව අනුව “මූලික” යන වචනය මම මෙහිදී සඳහන් කරනවා. කෙටි කාලීන වශයෙන් ශ්‍රි ලංකාවේ වර්ධනයට යම් බලපෑමක් එල්ල කළ හැකියි.  ආර්ථික හානියේ ප්‍රමාණය නිසා මෙය දළ දේශීය නිශ්පාදිතයට සැලිකිය යුතු ලෙස එකතු වීමට ඉඩක් ඇති නමුත් එයින් අදහස් වන්නේ රටට දැඩි ආරථික කම්පනයක් ඇති නොමැති බව නොවේ. “

“අපි කෙටි කාලීනව ඉහළ උද්ධමන තත්ත්වයක් අපේක්ෂා කරනවා. ඒ වගේම යැපුම් දාමයේ යම් බාධාවක් අපේක්ෂා කරනවා.”

යටිතල පහසුකම් සහ ආහාර ආනයනය සඳහා දැඩි අවශ්‍යතාවයක් පැන නගින බැවින් ඉදිරි මාස 6-12 ඇතුළත කාලයේ දී ජංගම ගිනුමේ හඟය තව දුරටත් පුළුල් වේවි කියලා අපි අපේක්ෂා කරනවා. කෘෂිකාර්මික අපනයනයන් පහත වැටීම සහ සංචාරක ඉපැයීම් අඩුවීමත් ජංගම ගිනුමේ හිඟය තවත් පුළුල් වෙන්නට බලපානු ඇති. “

“අපි 2026 මුල් භාගයේ දී පැමිණීමට අපේක්ෂා කරනවා. රට ඉදිරියට ගෙනයෑම සඳහා අවශ්‍ය කොන්දේසි සහ විසඳුම් සෙවීමට අපි එහිදී බලාපොරොත්තු වෙනවා. “

එවන් පැපර්ජෝර්ජියෝ පැහැදිලි කර තිබිණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කටුනායක අධිවේගී මාර්ගයේ කෙළවරපිටිය අන්තර් හුවමාරුවෙන් ගාස්තු ගෙවීම අත් හිටුවයි!…

Next Post

මෙරටට කඩිනම් මානුෂීය ආධාර ලබා දුන්  එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ජනපති  ස්තූතිය පළ කරයි!

Related Posts

පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.