හරාරේ හි පැවැත්වෙන ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් තරගයේ දී බිඳ වැටී තිබුණු බටහිර ඉන්දිය කොදෙව් ඉනිම යම් ගෞරවණීය තැනකට ඔසවා තබන්නට කේසි කර්ටි සමත් වූයේය.
කඩුළු 08ක් දැවී බටහිර ඉන්දීය කොදෙව්වන් ලබාගෙන තිබුනේ ලකුණු 155කි. නමුත් තරගයේ අවසන් කඩුල්ල ලෙස කේසි දැවී යනවිට බටහිර ඉන්දීය කොදෙව්වන් ලකුනු 243කි. ශතකය පෙනෙමින් කේසි ලකුණු 87කට දැවී ගියේය.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දු යැවීම තේරුවේය. ශ්‍රී ලංකා කණ්ඩායම තරගයට එන්නේ වෙනස්කම් කිපයක් සමගිනි. මතීෂ පතිරණ, ඩිල්ෂාන් මධුෂ්ක, දුෂාන් හේමන්ත සහ සහන් ආරච්චිගේ කණ්ඩායමට කැඳවා තිබිණි. සහන් ආරච්චිගේ අද ක්‍රීඩා කළේ ඔහුගේ මංගල ජාත්‍යාන්තර එක්දින තරගය ය.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ජොන්සන් චාල්ස් ලකුණු 39ක්, කේසි කර්ටි ලකුනු 87ක්, රොමාරියො ෂෙපෙඩ් ලකුණු 26ක් හා කෙවින් සින්ක්ලෙයාර් ලකුණු 25ක් රැස් කළහ.
ඕවර 48.1 දි බටහිර ඉන්දීය කොදෙව්වන් සියල්ල දැවී ලකුණු 243කි.
මහීෂ් තීක්ෂණ ලකුණු 34ට කඩුලු 4ක් ලැබුවේය.
දුෂාන් හේමන්ත ලකුණු 61කට කඩුළු 02කි. මතීෂ පතිරණත් ප්‍රහාරටයකට ලක් වූයේය. ඔහු ලකුණු 61කට ලබා ගත්තේ එක් කඩුල්ලකි. දිල්ෂාන් මධුසංඛ ලකුණු 49ට කඩුල්ලක්, දසුන් ශානක ලකුණු 27ට කඩුල්ලක්, සහන් ආරච්චිගේ ලකුණු 18ට කඩුල්ලක් ලැබුවේය.
ශ්‍රී ලංකාව අභියස ලකුණු 244ක ජයග්‍රාහී ඉලක්කයක් තිබේ.