බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩඩ්ලිගේ සුදු අරලිය හෝටලය පරාක්‍රම සමුද්‍රයට පහරයි… භූ ගත නලමගකින් අප ජලය වැවට මුදා හැරලා..

වනජිවිය නඩු යයි... සුදු අරලිය හෝටලයේ කළමණකාරු අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොලොන්නරුව මහේස්ත්‍රාත් නියෝග කරයි!

by editor
ජූලි 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

පොලොන්නරුව අභය භූමියට අයත් පරාක්‍රම සමුද්‍රයේ, තෝපාවැව ආසන්නයේ තෙප්පන් ඇල ආසන්නයට සුදුඅරලිය හෝටලයේ නාන තටාකයේ අපවිත්‍ර ජලය හා මුළුතැන්ගෙයි කළු පැහැති අපවිත්‍ර  ජලය, භූගත නලයක් මගින් බැහැර කිරීමට සැලැස්වීම සම්බන්ධයෙන් 6 වෙනිදා පොලොන්නරුව අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කළ බව පොලොන්නරුව වන සත්ත්ව අඩවි ආරක්ෂක කාර්යාලය සඳහන් කරයි,

ඩඩ්ලිගේ සුදු අරලිය හෝටලයේ අපජලය පරාක්‍රම සමුද්‍රයට කර ඇති විනාශය ගූගල් ඡායා රූපයකින්….

පොලොන්නරුව වනජීවී කලාප කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් මැයි 31 වෙනිදා පොලොන්නරුව අභය භූමියේ පරාක්‍රම  සමුද්‍රයට අයත් තෙප්පන් ඇල්ල ආසන්න ප්‍රදේශයේ වැව් ජලයට ඒ ආසන්න සංචාරක හෝටල් දෙකකින් නාන තටාකවල සිට ජලය බැහැර කරන බව නිරීක්ෂණය කළ බවද අධිකරණයට ඉදිරිපත් කර ඇති බී වාර්තාවේ සඳහන් වේ.

ඒ අනුව 1964 අංක 44, 1970 අංක 01, 1993 අංක 49, 2009 අංක 22, දරණ අණ පනත් වලින් සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත [ 46 අධිකාරිය ] උල්ලංඝනය වන ලෙස කටයුතු කර ඇති බවට නිරීක්ෂණය කිරීමත් සමග ඊට අධිකරණ ක්‍රියා ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ බව  පොලොන්නරුව වනජීවී කලාප කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ඩබ්ලිව්. එම්. කේ. විජයකෝන්   අප කළ විමසීමකදී සඳහන් කළේය.

මෙම වැව විශේෂයෙන් පොලොන්නරුව නගරයේ විශේෂ වැවක් වන අතර, දෙස්, විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක් බවත්, පොලොන්නරුව ජනතාවට පානීය ජලය ලබාගන්නා ජල මණ්ඩලය මීටර් 500 ක් ආසන්නව පිහිටා ඇති බවත්, පොලොන්නරුව අභය භූමියේ මෙන්ම යාබද අංගම්මැඩිල්ල උද්‍යානයේ ජීවත්වන වන සතුන්ට මෙන්ම පානීය ජලය භාවිතයට ගන්නා මහජනතාවට මෙම අපවිත්‍ර ජලය බලපාන බවත්  පොලොන්නරුව අඩවි ආරක්ෂක කාර්යාලය අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බී වාර්තාවේ කරුණු සඳහන් වේ,

ඒ අනුව මේ පිළිබඳව විමර්ශන සිදුකොට අදාළ සැකකරුවන් සහ සුදුඅරලිය හෝටලයේ කළමනාකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග නිකුත් කර ඇති බවද පොලොන්නරුව අඩවි ආරක්ෂක කාර්යාලය සඳහන් කරයි,

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මෙම ආඥා පනත උල්ලංඝනය කිරීම යටතේ තෙප්පන් ඇළට නාන තටාකවලින් අපවිත්‍ර ජලය බැහැර කිරීම සම්බන්ධව පොලොන්නරුව ලේක් හවුස් හෝටලයේ කළමනාකාරිත්වයට 2023 ජුලි 15 වෙනිදා  පොලොන්නරුව අධිකරණයේ නඩු පවරා  රුපියල් තිස්දාහක දඩමුදලක් නියම කිරීමට කටයුතු කර ඇති බවද පොලොන්නරුව වනජීවී කාර්යාලය සඳහන් කරයි,

මෙම සංචාරක හෝටල් පාලන අධිකාරිය සමඟ සාකච්ඡා කරමින් සිදුකරන ලද විමර්ශනවලදී හෝටල් සංස්ථාවෙන් පාලනයවන කාලයේ සිටම මේ ආකාරයට නාන තටාකවලින් අපවිත්‍ර ජලය සහ මුළුතැන්ගෙයි ජලය තෙප්පන් වැවට මුදාහැරි බවට අනාවරණය වී ඇති බවද වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රි ලංකා කණ්ඩායමට ලකුණු 244ක ජයග්‍රාහී ඉලක්කයක්…

Next Post

අක්ෂි සැත්කම අතර සිදුවූ  මරණයෙන් පසු  ජාතික අක්ෂි රෝහලේ නේවාසික රෝගීහු සිය කැමැත්තෙන් රෝහල හැර යති…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.