ශ්‍රියානි විජේසිංහ –
රුධිර පරික්ෂාවන් සිදුකර ගැනීමට අවශ්‍ය ප්‍රතික්‍රීයක හා රුධිරය එකතු කිරීමේ ශළ්‍ය ඇසුරුම් නොමැති වීම හේතුවෙන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ඉතා අසීරු තත්ත්වයකට පත්වෙමින් තිබෙන බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
සැපයුම්කරුවන්ට සතියෙන් සතිය මුදල් ගෙවිමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර තිබෙන බැවින් සතියකට ප්‍රමාණවත් ශල්‍ය ඇසුරුම් හා ප්‍රතික්‍රීයක ලබා දීමට කටයුතු කර ඇති බව රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
යම් හේතුවකින් සෞඛ්‍ය අමාත්‍යංශය සතියක මුදල් නොගෙව්වහොත් එම සතිය තුළ ශල්‍ය ඇසුරුම් හෝ ප්‍රතික්‍රීයක නොමැති වීමෙන් රුධිර සේවාව කඩාවැටීමටක ලක් වීම වැලැක්විය නොහැකි බවද ඔහු පෙන්වාදෙයි.
සැපයුම්කරුවන්ට නිසිවේලාවට මුදල් ගෙවීම අවස්ථාවන් කීපයක් පුරා සෞඛ්‍ය අමාත්‍යංශය සිදුකර නොමැති වීම හේතුවෙන් රුධිරපාරවිලයන සේවාව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතවෙමින් පවතින බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් අනාවරණය කළේය.







