වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඇතුලු එහි වගකිවයුත්තන්ට එරෙහිව පොලිස්පතිට පැමිණල්ලක් ඉදිරිපත් කිරීමට නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් පියවර ගෙන තිබේ.
වැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටුකිරීම පැහැර හැරීම සහ ජාතික ආරක්ෂාව අනතුරට පත් කිරීම ආදි කරුණු ඔහු විසින් පැමිණිල්ලට හේතු ලෙස ඉදිරිපත් කර ඇති චෝදනා ය.
ඔහු විසින් පොලිස්පතිවරයා වෙත යැවූ පැමිණිල්ල සහිත ලිපිය පහත දැක්වේ.
නීතිඥ අරුණ ලක්සිරි උණවටුන
දුරකථන 0712063394
දිනය 2021.06.20
පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ 01.
කොරෝනා වෛරසය අසාදනය සම්බන්ධයෙන් වැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටුකිරීම පැහැර හැරීම සහ ජාතික ආරක්ෂාව අනතුරට පත් කිරීම ඇතුලු වැරදි කර ඇති වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඇතුලු රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටීම.
පරීක්ෂණ සිදුකර අවසන් නැති කොරෝනා එන්නත් විදගැනීම අනිවාර්යය කිරීම සඳහා ජනතාව පෙළඹීමට, කොරෝනා එන්නත විදගැනීමෙන් තොරව ස්ථානවලට ඇතුල්වීම, පළාත් අතර, දිස්ත්‍රික්ක අතර සංචරණය තහනම් කිරීමේ රෙගුලාසි පැනවීමට, දේශීය ඖෂධ කොරෝනා වෛරස් රෝගය වැළක්වීමට යොදා ගැනීම අඩපන කිරීමට, ජනතාවගේ ජීවිත අනතුරට පත්කිරීමට වසංගත රෝග විද්‍යා ඒකකයේ හි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඇතුලු රජයේ නිලධාරීන් විසින් කොරෝනා ආසාදිතව මිය ගිය අයගේ යැයි කියන සංඛ්‍යාලේඛන වැරදියට දක්වා සහ වෙනස්කර දක්වා ජනජීවිතය පවත්වාගෙන යාම අනතුරට පත්කර, කොරෝනා රෝගය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුලු ජනතාව වෙත සහ පුරවැසියෙකු ලෙස මා වෙත සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටුකිරීම පැහැර හැරීමෙන් සහ ජාතික ආරක්ෂාව අනතුරට පත් කිරීම ඇතුලු වැරදි කර ඇති මෙම රජයේ නිලධාරීන් දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය යටතේ ඇතුලුව වැරදි කර ඇති බවට මේ පැමිණිල්ල කරන අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂාකර කොරෝනා ආසාදිතව මිය ගිය අයගේ සංඛ්‍යාලේඛන වැරදියට දැක්වීම, වෙනස් ලෙස දැක්වීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් කොරෝනා වෛරසය ආසාදිත බව “පීසීආර්” පරීක්ෂණ මගින් නිවැරදිව හදුනාගත හැකිද? එකී වාර්තා නිවැරදිද? සහ ඒ ඇසුරෙන් මරණයට පත්වූ අය සත්‍ය ලෙසම කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගියේද හෝ නොසැලකිලිමත්කම හේතුවෙන් මිය ගියේද යන්න සහ එකී ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන සහ වාර්තා නිවැරදිද යන්න පරීක්ෂාකර වැරදි කර ඇති අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමි.
මෙයට,
විශ්වාසී,
නීතිඥ අරුණ ලක්සිරි උණවටුන
පිටපත්-
ජනාධිපති ලේකම්, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ 01.
නීතිඥ හරිගුප්ත රෝහණදීර, අධ්‍යක්ෂ ජනරාල් (නීති) ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ 01.
නීතිපති, නීතිපති දෙපාර්තමේන්තුව, කොළඹ 12.