සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛද්‍ය අමල් හර්ෂ අයින් කළේ ජනාධිපතිට කේලම් කියලා…

මේ ජනාධිපති‍වරයා වැඩ කරන්නේ  කේවට්ටයන්ගෙන් කේලම් අහගෙන.... මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කියති...

by editor
මාර්තු 6, 2021
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter
  • ජනාධිපති ලේකම් තමයි සර්වබලධාරියා… අගමැති නිරුත්තරයි…
  • අපි කියන කිසිම දෙයක් ජනාධිපති අහන්නෙ නෑ… මෙතෙක් නිහඬ වුනේ අපි ගෙනාපු ආණ්ඩුව රැක ගන්න…
  • තවත් නම් නිහඬව ඉන්නේ නෑ… උනේ මොකක්ද කියලා අපටත් තේරෙන්නෙ නෑ… වැඩිම ඉක්මනින් ජනතාවට එපා වුණු ආණ්ඩුව තමයි මේ ආණ්ඩුව

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝය. උන්වහන්සේ කාලාන්තරයක් තිස්සේ සෞඛ්‍ය සේවයේ  මතු නොව, රටක් ලෙස අප මුහුණ දෙමින් ඇති ජාතික ප්‍රශ්න විෂයෙහි මැදහත් වෙමින් විශාල මෙහෙවරක් කරමින් සිටින්නාහ.  මේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්  ලංකාසර සමග පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකි.

ප්‍රශ්නය –  සෞඛ්‍ය අමාත්‍යංශයට පරිබාහිරව ක්‍රියාත්මකවන කොවිඩ් පාලන අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ   හිටි හැටියේම සිය තනතුරේන් ඉවත් කර තිබෙනවා. ලේකම්වරයාව ඉවත් කිරිම සම්බන්ධයෙන් විෂයභාර ඇමතිවරියවත් දන්නේ නැතිලු.. මේ සිදුවීම ඔබ වහන්සේ දකින්නේ කොහොමද?

පිළිතුර –  පසුගිය දිනවල  ආණ්ඩුව ගෙන ගිය  කොරෝනා මර්දන වැඩපිළිවෙළ  සම්බන්ධයෙන් සතුටට පත්වෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ‍‍. මේකේ එකදවසක් තියෙනවා පහර ගහන්න. තවත් දවසක් තියෙනවා කෙළගහන්න. මේ අක්‍රමවත්ව කරන වැඩපිළිවෙල ක්‍රමානුකූලව පවත්වාගෙන යාමට තමයි  ජනාධිපතිවරයා අලුත් අමාත්‍යංශයක් ඇතිකරලා අලුත් ඇමතිතුමියකට ඒක බාරදීලා නව ලේකම්වරයෙක් පත්කළේ.

විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ සිල්වා කියන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සිටි හොඳ පළපුරුදු නිලධාරියෙක්. සෞඛ්‍ය අමාත්‍යංශය අමාරුවේ වැටුණ හැම අවස්ථාවකම  අමල් හර්ෂ සිල්වා  තමයි පරික්ෂණවලට ගියේ. මිනිසුන් සමග නම්‍යශීලීව කටයුතු කළ නිලධාරියෙක්. මිසුන්ගෙ හදවතේ ජීවත් වුණ පුද්ගලයෙක් තමයි අමල් හර්ෂ සිල්වා කියන්නේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ප්‍රශ්නය –  වෛද්‍ය අමල් හර්ෂ සිල්වා ලේකම්වරයාව එම තනතුරෙන් ඉවත් කරන්න හේතුවුණ කාරනාව මොකක් කියලා ද විශ්වාස කරන්නේ?

පිළිතුර – අපිට ආරංචි හැටියට  සුපිරි ක්‍රීඩකයෙක්වන සනත් ජයසූරිය මහතාට කොවිඩ් එන්නත  ලබා දීම තමයි ඉවත් කිරීමට හේතුව වෙලා තියෙන්නේ. නමුත් අප දන්නා පරිදි වෛද්‍ය අමල්   නීතිරීතිවලට අනුව නියමිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් තමයි ‌එන්නත් වැඩපිළිවෙල අරගෙන ගියේ.

ප්‍රශ්නය – නීතිරීතිවලට අනුව කටයුතු කළ නිසාද තනතුරෙන් ඉවත් කර තිබෙන්නේ?

පිළිතුර –  සෞබ්‍ය අමාත්‍යංශය තුළ හුඟාක්ම ක්‍රියාත්මක වන්නේ කේලම්. ඒක මම පැහැදිලිවම කියනවා. කවුරුහරි කෙනෙක් ජනාධිපතිට බොරු කේලම් කියලා තියෙනවා.

ප්‍රශ්නය- ජනාධිපතිවරයාට බොරු කේලම් කියන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ  කවුරු කියලද ඔබ වහන්සේ විශ්වාස කරන්නේ

පිළිතුර – ජනාධිපතිවරයට කේලම් කියන කේවට්ටයන් විශාල සංඛ්‍යාවක් අමාත්‍යංශය තුළ සිටිනවා.  හැබැයි ඔය කවුරුත් මේ ආණ්ඩුව බලයට ගෙන්න සතපහකින්වත් උදව් නොකළ අය. මුදල් හා ශ්‍රමය කැපකරලා අපි තමයි මේ ආණ්ඩුව බලයට ගෙනාවේ.

ප්‍රශ්නය – ‌මේ ආණ්ඩුව බලට ගෙනාවේ ඔබ වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා නම් ජනාධිපතිවරයා සමග ඇයි මේ ගැටලුකාරි තත්ත්වයන් සාකච්ඡා කරලා විසඳුමක් ලබා ගන්න බැරි

පිළිතුර – මට බොහෝ‌දෙනෙක් කථා කරලත් කියන්නේ ඔය දේම තමයි. මේ ආණ්ඩුව බලයට ගෙනාවානම් ඒ ආණ්ඩුවෙන් සිදුවෙන වැරදි දේවල් සම්බන්ධයෙන් හාමුදුරුවනේ කථා කරන්න කියනවා. වෛද්‍ය අමල්හර්ෂ සිල්වා මහතාගේ ඉවත් කිරිම ගැන විශේෂයෙන්ම කථා කරන්න කියනවා. මම කථා කළාට රාජ්‍ය නායකයා අහන්නේ නැති නම් මම මොකද කරන්නේ.

ප්‍රශ්නය – ජනාධිපතිවරයා එහෙනම් අහන්නේ කවුරු කියන ඒවාද?

පිළිතුර – මේ ආණ්ඩුව බලයට පත්කරන්න වෙහෙස මහන්සි නොවුණ කේලම් කාරයින්ගෙන් සහ කේවට්ටයින්ගේ අදහස්වලට විතරයි ඇහුම්කන් දෙන්නේ. කේලම් අහපු කිසිම රාජ්‍ය පාලකයෙකුට රාජ්‍ය පාලනය හරියාකාරය කරගෙන යන්න බැරි වුණා. ඉතිහාසයේ ඒකට සාක්ෂි දරනවා. කවුරුහරි කෙනෙක් කේලම් කියනවා නම් රාජ්‍ය නායකයාගේ වගකීම තමයි එකේ සත්‍ය අසත්‍යතාව හොඳින් හොයලා තීරණ ගන්න එක. එහෙත් සත්‍ය අසත්‍යතාව හෙව්වානම් අමල් සිල්වා මහත්තයා අදටත් කොවිඩ් පාලන අමාත්‍යංශයේ ලේකම්.

ප්‍රශ්නය – සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සමග මේ සම්බන්දයෙන් ඔබ වහන්සේ කථා කළේ නැතිද?

පිළිතුර – සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා කියන්නේ දුර්වල පරිපාලකයෙක්. කිසිම දිනක සේවක ගැටලුවකටවත් විසඳුමක් දෙන්නේ නැති කෙනෙක්. එයාව මුණගැහෙන්න බැහැ. නිතරම ඉන්නේ කාමරයේ දොර වහගෙන. ප්‍රශ්නයක් කථා කරන්න බැහැ.   සෞඛ්‍ය අමාත්‍යංශයේ කේලම් කාරයින් හැරුණු කොට අනෙක් සියලුම දෙනා මාව මුණගැහිලා මේ ගැටලු කියනවා. ඔවුන් නිතරම කියන්නේ හාමුදු‌රුවනේ ජනාධිපතිවරයාට කියලා මේ ලේකම්වරයාව මාරුකරලා සේවක ගැටලුවලට විසඳුම් ලබා දෙන්න පුලුවන් කෙනෙක් පත්කර දෙන්න කියලා.

ප්‍රශ්නය –  සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්  පමණක් නොවෙයි සාමාන්‍ය ජනතාවත් ඔබවහනසේ හමුවී  දුක්ගැනවිලි කියනවා‌නේද? ඔබ වහන්සේ ඒවා ජනාධිපතිවරයා වෙත යොමුකරනවාද?

පිළිතුර – ජනාධිපතිවරයාට අපි කීපවරක්ම මේ පිලිබඳව දැනුම් දුන්නා. ඔහුටත් හිතාගන්න බැරිවෙලාවල් තියෙනවා. ඇතැම් විට දුරකථනයට කථා නොකරන අවස්ථාවන් පවා තිබෙනවා.

ප්‍රශ්නය – ඒ කියන්නේ ජනාධිපතිවරයාටත් ඉහළින් කවුරු හරි ඉන්නවා කියලාද ඔබ වහන්සේ කියන්නේ?

පිළිතුර –  ජනාධිපතිලේකම් කියන්නේ සර්ව බලධාරියෙක්. අද වැඩිහරියක් ක්‍රියාත්මක වෙන්නේ ඒ සර්වබලධාරියා කියන දේවල්. ජනාධිපතිවරයා තේරුම් ගන්න ඕනේ මේ සර්වබලධාරීන් මේ ආණ්ඩුව බලයට පත් කරන කොට කොහේද හිටියේ කියන එක. අඩුම තරමේ සතපහක්වත් වියදම් කළාද?.  අඩුතරමේ ගෙදරකට ගොස් ඡන්දයක් දෙන්න කියලවත් කිව්වද?.  ජනාධිපතිවරයාව  වටකරගෙන ඉන්න මිනිස්සු ගේකට ගිහිල්ලා එක ඡන්දයක් දෙන්න කියලා කිව්වේ නැහැ. අපි තමයි ඒකත් කළේ. උදව්කරපු කැපවෙච්ච මුදල් ශ්‍රමය ධනය වියදම් කල අය පැත්තකට දාලා  ඒ කිසිම දෙයක් නොකල අය ලංකරගෙන ඉන්නවා. ඔවුන් තමයි රට විනාශ කරන්නේ. අපි අවුරුදු පහක් පුරා දැඟලුවා. නමුත් අද ඒ දඟලපු අය පැත්තකට කරලා.

ප්‍රශ්නය – රටේ ඇතිවී තිබෙන තත්ත්වය අගමැතිවරයාගෙන් ලැබෙන ප්‍රතිචාරය මොනවගේද?

පිළිතුර – අගමැතිතුමත් දැන් නිරුත්තරයි‍. ඒත් අපි තවමත් විශ්වාස කරනවා වචනයක් කථා කරලා ගැටලුවක් විසඳගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා පමණයි කියලා‍. තවමත් මේ රටේ ජනතාවගේ බලාපොරොත්තුව මහින්ද රජක්ෂ මහත්මයා ගැන තිබෙනවා. එතුමත් අහක බලා ගත්තොත් කරන්න දෙයක් නැහැ.

ප්‍රශ්නය – අගමැතිවරයා අහක බලා ගනියි කියලා ඔබ වහන්සේ  හිතනවාද?

පිළිතුර – එතුමාට වැඩකරන්න පුලුවන් කාලයක් තියෙනවා. අගමැතිවරයා අහක බලාගත්තොත් අපිටත් සිදුවෙයි වෙනතක් බලා ගන්න. ඒ සඳහා මිනිස්සු පොලඹවන්නත් සිදුවෙයි.  මේ වන විට මිනිස්සු දුක කියාගෙන එන්නේ අභයාරාමයට. දැන් පන්සලේ තියෙන අල්මාරි මිනිසුන්ගේ දුක්ගැනවිලි වලින්  පිරිලා

ප්‍රශ්නය – ජනතාවගේ දුක්ගැනවිලි ඔබ වහන්සේ  ජනාධිපතිවරයාට කිව්වේ නැතිද?

පිළිතුර –  මොකද නැත්තේ. එයට ජනාධිපතිවරයාගෙන් ප්‍රතිචාර ලැබෙන්නෙත් නැහැ. අනිත් අයගෙන් ලැබෙන්නෙත් නැහැ.

ප්‍රශ්නය – ප්‍රතිචාර  නොලැබීම හමුවේ ඔබ වහන්සේ  තව දුරටත් නිහඬව සිටිනවාද?

පිළිතුර – නිහඬ වුණේ අපි බලයට පත් කළ ආණ්ඩුව රැක ගන්න ඕන  නිසයි. නමුත් ආණ්ඩුව තවදුරටත් ජනතාවගේ දුක්ගැනවිලි හමුවේ  නිහඬව සිටිනවා නම් අපිට තවදුරටත් නිහඬව සිටීමට පුලුවන්කමක් නැහැ. ඉතාමත් ඉක්මනින්  වෙනතක් බලාගන්න සිදුවෙයි.. මේ රජය බලය පත්වෙනකොට අපේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. මේ රටට වාසනාව උදාවෙයි කියලා. රට හදයි රට දියුණු කරයි ජනතාවගේ ජීවිත සුඛිත මුදිත කරයි කියලා.  ඒ බලාපොරෝත්තුව සුන් වෙලා ගිහින්. දැන් අපි ඉන්නෙත් ඉඡ්ඡාභංගත්වයෙන්. අපිටත් හිතාගන්න බැහැ මොකදක් වෙන්නේ කියලා.  මම හිතන්නේ ඉතා ඉක්මනින් ජනතාව එපා වුණ ආණ්ඩුව තමයි මේ ආණ්ඩුව.

 

 

සටහන – නතාෂා නෙත්මිණි

 

.

 

 

.

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලෝක උරුම පිටවල පතනේ පරිසර විනාශය වළක්වා දෙන්න..

Next Post

කාලගුණය වෙනස් වෙයි… මධ්‍යම සබරගමුව දකුණ සහ බස්නාහිරට ගිගිරුම් සහිත වැසි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.