සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 72 ක් හෙට (01) පෙරවරු 6:30 ට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
මෙතෙක් වෛද්‍යවරුන් වෙත පමණක් ලබා දුන් විශේෂ දිමනාවක් වූ (DAT) දීමනාව අනෙක් වෛද්‍ය නොවන ක්ෂේත්‍ර සඳහාද ඉල්ලමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය දියත් කර ඇත.
ජනාධිපතිවරයා නිල විදේශ සංචාරයෙන් අනතුරුව දිවයිනට පැමිණි පසු මෙම ඉල්ලීම සම්බන්ධව සාකච්ඡා කරන බවට රජයේ ඉහළම මට්ටම්වලින් සහතික කිරීම් තිබියදීත්, සෞඛ්‍ය සේවකයින් සැලකිය යුතු මැදිහත්වීමක් මෙතෙක් සිදුවී නොමැති බව වෘත්තීය සමිති ප්‍රකාශ කරයි.
සෞඛ්‍ය සේවා වෘත්තිකයන් අතර ඇති වී තිබෙන අතෘප්තිය උග්‍ර කරමින් ජනාධිපතිවරයා නැවත පැමිණීමෙන් පසුව කිසිදු විධිමත් සාකච්ඡාවක් ක්‍රියාත්මක වී නොමැති බව ද ඔවුහු ප්‍රකාශ කරති.
කෙසේ වෙතත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ හඬක් වන සමස්ත ලංකා හෙද සංගමය නියමිත වැඩවර්ජනයට සහභාගී නොවීමට තීරණය කර ඇත.







