ඉන්ධන නොමැති වීම හේතුවෙන් දිවයින පුරා රෝහල් කටයුතු මුළුමනින්ම ඇනහිට ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සිකුරාදා දිනයේදී ඉන්දන ලබා දෙන බව කීමත් සමග ඊයේ රාත්‍රියේ සිට වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සුළු සේවයකින් දක්වා වූ රෝහල් කාර්ය මණඩලයට පෝලිම්වල රැදී සිටින බැවින් රෝහල්ව ප්‍රතිකාර කටයුතු මුළුමනින්ම නතර වී ඇතැයිද අප කළ විමසුම්වලදි රෝහල් බලධාරිහු සඳහන් කළහ.
කොළඹ ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල්වීදිය කාන්තා රෝහල, ද සොයිසා රෝහල, ඇතුළු දිවයිනේ සියලුම ප්‍රධාන රෝහල්වල වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල බහුතරයක් රෝහල් අවට ඉන්ධන පිරවුම්හල්වල රැදීසිටින බැවින් රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව ඇතැයි විශේෂඥ වෛද්‍යවරු ලංකාසරට කීහ.
-
ඇතැම් රෝහල්වල හදිසි සේවා පමණයි…
ඉන්ධන ගැටලුවට වහාම විසඳුම් ලබා නොදුනහොත් ලබන සතියේ සිට රෝහල් වැසීයාමේ අවදානමක් මතුවිය හැකි යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.
රෝගී සත්කාර සේවාව මේ වන විටත් ඉතා අපහසුවෙන් පවත්වාගෙන යාමට වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩයට සිදුව ඇති බැවින් ඇතැම් රෝහල්වල මේ වන විට හදිසි ප්‍රතිකාරයන් පමණක් සිදු කිරීම පටන් ගෙන ඇතැයි සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන පවසයි.
ඉන්ධන ගැටලුවට වහාම විසඳුමක් ලබානොදුනහොත් රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට රෝහලට ඒමට නොහැකි වීම හමුවේ රෝහල්වල දැනට සිදුකරන හදිසි ප්‍රතිකාරයන් පවා නතර කිරිමට සිදුවනු ඇතැයි විශේෂඥවරයා අවදාරණය කළේය.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමාජිකයින් විශාල සංඛ්‍යාවක් ඉන්ධන පෝලිම්වල රැදී සිටීම හේතුවෙන් රෝහල් කටයුතු බොහෝ දුරට අඩපණව ඇතැයි රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපති කිවේය.
-
අපේක්ෂා රෝහලේ අපේක්ෂා බිඳවැටෙයි…
මේ අතර මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරු ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන පිරවුම්හල්වල රැදී සිටීම හේතුවෙන් රෝහලේ සැත්කම් සායනික කටයුතු බොහෝ දුරට අඩපණව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඉන්ධන ලබා දෙන බවට දැනුම් දුන් නමුත් මේ වන තෙක් ඒ සඳහා කිසිදු ඉන්ධන පිරවුම්හලකින් ප්රමුඛත්වයක් ලබා දී නොමැති බවත් .ඇතැම් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව රැඳී සිටින ජනතාව සෞඛ්‍ය අංශයවලට පෙර තමන්ට ඉන්ධන ලබා දෙන ලෙස පවසමින් විරෝධය පළ කිරීමට පෙළඹී ඇති බවත් රෝහලේ පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ කණිෂ්ක ද සිල්වා කීවේය.
මෙවැනි තත්ත්වයන් යටතේ රෝහලේ ප්‍රතිකාර කටයුතු තව දුරටත් කර ගෙන යෑම ඉතා දුෂ්කර වී ඇති බැවින් ඉදිරියේදී ප්‍රතිකාර කටයුතු මුළුමනින්ම ඇනහිටිනු ඇති බව විශේෂඥවරයා සඳහන් කලේය.