කොළඹ වේල්ල වීදියේ අද පස්වරුවේ ගමන් බෑගයක තිබි කාන්තා මළ සිරුරක් හමුවී ඇති අතර එම බෑගය එම ස්ථානයට ගෙන ආ තරුණයකු පිළිබඳව පොලිසිය විමර්ශණ ආරම්භ කර ඇත.
මෙම බෑගය පාර අයිනේ දමා තිබී ඇති අතර එය විවෘත කිරීමේදි හිස කඳින් වෙන් කළ තරුණියකගේ සිරුරක් තිබි ඇති අතර ඇය වයස අවුරුදු 20ක පමණ අනන්‍යතාවක් හඳුනා ගත නොහැකි බව පොලිසිය සඳහන් කරයි.
අවට සී.සී.ටීවී කැමරා පරීක්ෂා කිරීමේදී මෙම බෑගය තරුණයකු විසින් ගෙන එන ලද බවට අනාවරණය වී ඇති අතර මෙම තරුණයා පිළිබඳව මේ වනවිට විමර්ශණ ආරම්භ කර ඇත.