බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නවීන බස් රථ සේවාවක් සඳහා මෙට්‍රෝ බස් රථ සමාගම පිහිටුවීමට රජය සැරසෙයි….

by editor
පෙබරවාරි 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවයක් සඳහා මෙට්‍රෝ නමින් නව බස් සමාගමක් පිහිටුවීමට රජය යෝජනා කරයි.

ඒ පිළිබඳව සිය අයවැය යොජනාව ජනාධිපතිවරයා මෙසේ ඉදිරිපත් කළේය.

“මගී ප්‍රවාහනය කාර්යක්ම කිරීම සහ වැඩිදියුණු කිරීමේ මූලික පියවරක් ලෙස නවීන සුවපසු බස් රථ සමූහයක් නියමු ව්‍යාපෘතියක් හඳුන්වා දෙනවා. කොළඹ නගරයේ ප්‍රධාන කොරිඩෝ හතරක් ඔස්සේ මගී ප්‍රවාහනය සඳහා සැප පහසු බස් රථ 100ක් යෙදවිමට අපේක්ෂා කරනවා.”

කොට්ටාව කොළඹ, මොරටුව කොළඹ වත්තල කොළඹ සහ කඩවත කොළඹ තමයි ඒ ප්‍රවේශ හතර.

ඒ සඳහා රුපියල් මිලියන 3000ක් වෙන් කරනව. ඊට අමතරව ශ්‍රී ලංකා ගමනා ගමනමණ්ඩලය විසින් මගී ප්‍රවාහනයට පහසු බස් රථ 200ක් තම අරමුදල් යොදා ගනිමින් සේවයේ යොදවනු ඇති.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

මෙම බස් රථ මෙට්‍රෝ බස් රථ ලෙස හඳුන්වන අලුතින් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තුවන සමාගමක් යටතේ ක්‍රියාත්මක කරනවා. පරණ තැනටම දාන්නේ නෑ

යෝජිත බස් සමාගම් සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය වූ ක්‍රමවේදයක් මත ක්‍රියාත්මක වනු ඇති.

මහපොළ සහ ශිෂ්‍යධාර දීමනා ඉහළට

මහපොල සහ ශිෂ්‍යාධාර දීමනා මෙවර අයවැයෙන් වැඩි කර තිබේ.

ඒ අනුව මහපොළ දීමනාව රුපියල් 5000 සිට 7500 දක්වාත් ශිෂ්‍යාධාර රුපියල් 4000 සිට 6000 දක්වා වැඩි කර තිබේ.

මෙම දීමනා 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මකය.

  • මන්ත්‍රීවරුන්ට වාහනත් නෑ… පර්මිට් එකත් නෑ…. රාජ්‍ය නිලධාරීන්ට වාහන වෙනුවට දීමනාවක්!.

මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා මේ අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර නොමැති බව මුදල් අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක අයවැය කථාව ඉදිරිපත් කරමින් පවසයි. ඔහු කියන්නේ මන්ත්‍රීවරුන් සඳහා පර්මිට් ද නිකුත් නොකරන බවය. රජයේ නිලධාරීන්ට ද වාහනයක් වෙනුවට සැලකියයුතු වාහන දිමනාවක් ගෙවීමට රජය යෝජනා කර ඇත. 

රජයේ නිලධාරීන්ට නිල වාහනය ලෙස පවරන ලද වාහන ඉහළ ඉන්ධන පරිභෝජනයක් සහිත සැලකිය යුතු වටිනාකමක් ඇති වාහන වෙනවා. මේ වාහනවලට අධික නඩත්තු පිරිවැයක් දැරීමට සිද්ධ වෙනවා.

සමහර වාහන අවුරුදු 7ක් 8ක් පැරණියි. අපිත් අවරුදු හයකින් විතර වාහන ගෙන්වා නෑ. අවුරුදු 8 -10 පැරණි වාහන තමයි රජයේ නිලධාරීන් භාවිතා කරන්නේ. විශාල නඩත්තු පිරිවැයක් දරනවා.

ඒ නිසා තෝරා ගත් නිලධාරින් සුදුසු මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම හරහා වාහන සඳහාවන අධික වියදම් අවම කිරීමට රජය තීරණය කර තිබෙනවා. යම් සැලකිය යුතු මුදලක් නිලධාරීන්ට ලබා දෙනවා. අපි වෘත්තීය සමිතිත් එක්ක කතා කරලා මුදල තීරණය කරන්නම්.

ඒ වගේම මන්ත්‍රීවරුන්ට පර්මිට් එක ලැබෙන්නෙත් නෑ. මේ අවුරුද්දේ වාහන ලැබෙන්නෙත් නෑ. මේ අයවැයෙන් ඒ සඳහා මුදල් වෙන් කරලා නෑ. ඒක දරාගන්න බෑ මේ ආර්ථිකයට.

  • රජයේ සියලුම සුඛෝපභෝගී වාහන මාර්තුවේ වෙන්දේසියේ…

අධික ධාවන සහ නඩත්තු වියදම් දැරීමට සිදුවන සියලුම සුඛෝපභෝගී වාහන මාර්තු මාසයේ දී වෙන්දේසි කරන බව ජනාධිපතිවරයා සිය අයවැය කථාවේ දී පැවසුවේය.

අලුත් වාහන සඳහා ගැසට් එක ගහනකම් තමයි හිටියේ. පහුගිය කාලේ ඇයි විකුණන්නේ නැත්තේ කියලා ඇහුවා. අලුත් වාහන ගෙන්වීම සඳහා ගැසට් එක ගැහුවාම වෙළෙඳපලේ මිලේ වෙනසක් ඇති වෙනවා. අන්න ඒ නිසායි පරක්කු කළේ. තේරුම් ගන්න. වැඩේ හරියට කරන්නේ එහෙමයි.

  • වේයන්ගොඩට අභ්‍යන්තර බහාලුම් පද්ධතියක්…

කොළඹ වරයා තුළ සහ අවට රථ වාහන තදබදය ලිහිල් කිරීමටත්, අගය එකතුකිරීමේන විදෙස් ඉපයීම් වැඩි කිරීම සඳහා දිගු කාලීන පියවරක් ලෙස දුම්රිය පාදක ඒකාබද්ධ බහු මාධ්‍ය භාණ්ඩ හා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස වේයන්ගොඩ අභ්‍යන්තර බහාලුම් අංගනයක් ස්ථාපිත කිරීමට මෙවර අයවැයෙන් යෝජනා වී තිබේ.

ඒ සඳහා ආයතන යාන්ත්‍රණයන් හඳුනා ගැනීම, ඉඩම් අත්පත් කරගැනීම සහ අනෙකුත් මූලික සූදානම් වීමේ කටයුතු සඳහා සහාය වීමට රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට රජය යෝජනා කර ඇති බව ජනාධිපතිවරයා සිය අයවැය යෝජනා ඉදිරිපත් කරමින් දක්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාධ්‍යවේදියෙකුට ඇඳගෙන ඉන්නා පාතාලයා පොලිස් මාධ්‍ය ආවරණවලට එවන්න එපා… පොලිසිය හිරු මාධ්‍යජාලයට දන්වයි!

Next Post

වතු ප්‍රජාවට ඉතිහාසගත සංවර්ධන ප්‍රදානයක්….

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.