වෙසක් පුර පසළොස්වක පොහොය ආවරණය වන සතිය පුරා දැඩි සංචරණ සීමා පැනවීමට රජය තීන්දු කර තිබේ.
ඒ අනුව මැයි 21 වෙනිදා රාත්‍රී 11.00 සිට මැයි 25 වෙනිදා අලුයම 4.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවනවා ඇත.මැයි 25 දිනය පුරා සංචරණ සීමා ලිහිල් කර නැවත එදින රාත්‍රී 11 සිට මැයි 28 අලුයම 4 තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවා තිබේ.
මේ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් නිවේදනය කර තිබිණි.