දිනසේන රතුගමගේ –
යුද්ධයෙන් මියගිය පිරිස සැමරීම තහනම් කරමින් මුලතිව් අදිකරනය මගින් පනවා තිබූ වාරණ නියෝගය සංශෝධනයට ලක් කරමින් 17 දා සවස මුලතිව් අධිකරණයෙන් ඒ සදහා කොන්දේසි දෙකක් මත අවසරය ලබා දී තිබේ.
මුලතිව් පොලීසිය විසින් ලබාගත් අධිකරණ නියෝගය බල රහිත කරණ ලෙස ඉල්ලමින් දෙමළ ජාතික සන්ධානයේ පිරිසක් වීසින් අධිකරණයට ඉදිරිපත් කරණ ලද පෙත්සමක් සලකා බැලීමෙන් පසුව මුලතිව් මහේස්ත්‍රාත්වරයා විසින් එම සංශෝධිත තීන්දුව ලබා දී තිබේ.
නව තීන්දුවට අනුව කොරෝනා රෝගය සම්බන්ධයෙන් පනවා ඇති නිරෝධායන නීති රීති ආරක්ෂා කිරීම හා ත්‍රස්තවාදී හැගීම් යළි ඇවිස්සෙන ආකාරයට කටයුතු නොකිරීම යන කාරණා දෙක අනුගමනය කරමින් මැයි 18 වෙනිදා යුද්ධයෙන් මියගිය පිරිස සැමරීමට අවසරය හිමි වී තිබේ.