බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“වෙන්ට පොලිස්පති“ පොරය නිම වන ලකුණු !

by editor
ජනවාරි 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පොලිස්පතිවරයාට පසුව ශ්‍රී ලංකා පොලිසියේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වූ  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස්පතිගෙන් පසු පොලිසියේ ඇති ඉහළම නිලය වන පොලිස් පරිපාලන අංශයේ වැඩ ආවරණය කිරීම සඳහා ඊයේ (02) සිට පත් කර තිබේ.

පොලිස්පතිවරයා විසින් මෙම පත්වීම සිදුකරනු ලබන්නේ පොලිස් පරිපාලන අංශ ප්‍රධානියා ලෙස මෙතෙක් සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ පසුගිය 21 වෙනිදා පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමත් සමඟ ඇතිවූ පුරප්පාඩුව සඳහා ස්ථිර නිලධාරියෙක් පත්කරන තුරුය.

එම පුරප්පාඩුවට පොලීසියේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන නිලන්ත ජයවර්ධන පත්කරන ලෙස පොලිස්පතිවරයා විසින් සිය නිර්දේශ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මගින් ජාතික පොලිස් කොමිෂන් සභාවටද මේ වන විට ඉදිරිපත් කර තිබේ.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ විශ්‍රාම ගැනීම වෙනුවෙන් පොලිස් මූලස්ථානයේ පසුගිය සිකුරාදා පැවති උත්සවයේදී තමන් දැරූ පරිපාලන අංශ ප්‍රධානී තනතුර ගැන සදහන්කරමින් විශේෂ ප්‍රකාශයක් කළේය.
ඔහු පැවසුවේ මෙම තනතුර පොලිස්පතිගෙන් පසු පොලීසියේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියාට හිමිවිය යුතු බවත් එය පොරකා උදුරා ගැනීමට යාම එතරම් සුදුසු ක්‍රියාවක් නොවන බවත්ය.

එම සභාව අමතමින් පොලිස්පතිවරයා පැවසුවේ තමන් තව තුන් මසකින් විශ්‍රාම යෑමට නියමිත ඇති බවය.   තමන් විශ්‍රාම යන දිනයේ කතාවක් කිරීමට අපේක්ෂා නොකරන බැවින් එදිනට කිරීමට ඇති කතාව මේ මොහොතේ සිදුකරන්නේ යැයි කී පොලිස්පතිවරයා පොලිස්පති ධූරය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කීප දෙනෙක් අතර ඇති වී ඇති අලජ්ජී පොරය සම්බන්ධව විවේචනාත්මක හෙළිදරව්වක් කළේය. පොලිස්පතිවරයා පැවසුවේ පොලිස්පති ධූරය කොල්ලකා ගත හැකි එකක් නොවන බවය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

නිලන්ත ජයවර්ධන ඊළඟ පොලිස් පරීපාලන අංශ ප්‍රධානියා ලෙස තමා විසින් නම් කර  ඇති බවද එහිදී පොලිස්පතිවරයා පැවසූ බව පොලිස් ආරංචි මාර්ග හෙළි කළේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස් සේවයට එක්ව ඇත්තේ ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස 1998 වසරේ පෙබරවාරි 23 වෙනිදාය. මේ වන විට වයඹ පළාත් පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් එස්. පතිනායක, බස්නාහිර පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සමඟ එකම දින පොලිස් සේවයට එක්වූ නිලධාරීන්ය.

මේ අය අතරින් නිලන්ත ජයවර්ධන පැවති පුරප්පාඩු අනුව ප්‍රථමයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූරයට 2019 වසරේ පෙබරවාරි 28 වෙනිදා උසස්වීම් ලබන අතර ලලිත් එස්. පතිනායක 2019 වසරේ නොවැම්බර් 20 වෙනිදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූරයට උසස්වීම් ලබා තිබේ.

දේශබන්දු තෙන්නකොන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූරයට උසස්වීම් ලබන්නේ 2020 වසරේ ජනවාරි 01 වෙනිදාය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන 2033 වසරේදීද, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් එස්. පතිනායක 2032 වසරේදීද , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් 2031 වසරේදීද වයස අවුරුදු 60 න් විශ්‍රාම යාමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය – රුධිර සාම්පල් සහ ස්ථානීය සාක්ෂි රස පරීක්ෂකට යොමු කර ඩීඑන්ඒ වාර්තාවක් කැඳවයි…

Next Post

කොළඹ ප්‍රබල පාතාල කල්ලි දෙකක් අතර මහ ගැටුමක් අත ළඟ!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.