කොළඹ ජාතික රෝහලේ පමණක් නොව රටපුරා පිහිටි සෑම ප්‍රාදේශීය රෝහලකම කොරෝනා ආසාදිතයන් සඳහා වෙනම වාට්ටුවක් පිහිටවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දැනුම් දී ඇතැයි වාර්තා වේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් සියලුම පළාත් හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරුන්ට මෙම උපදෙස් ලිඛිතව නිකුත් කර තිබේ.
ඊට අමතරව දිනෙන් දින ඉහළ යන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවට ප්‍රමාණවත් ප්‍රතිකාර පහසුකම් සැපයීම සඳහා සෑම දිස්ත්‍රික්කයකම අලුතින් ඇඳන් දහස බැගින් සූදානම් කරන්නැයි ද උපදෙස් දී තිබේ.