සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාල උපාධි ප්‍රධානෝත්සවය සඳහා රනිල් – මෛත්‍රී යුවලගේ එංගලන්ත සංචාරය ගැන හොයන්න CID කණ්ඩායමක් එංගලන්තයට…

CID කණ්ඩායමේ ගමන ගැන නීතිපති දෙපාර්තමේන්තුව දැනුම්වත් කර නෑ... සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි...

by editor
නොවැම්බර් 16, 2025
in පුවත්
ranil
Share on FacebookShare on Twitter

වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යවන ලදැයි කියන ආරාධනා ලිපියේ සත්‍යතාව පරීක්ෂා කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ   පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්සත් රාජධානියට පිටත්ව ගොස් ඇති බවත්,  එම සංචාරය නීතිපතිවරයාගේ දැනුම්දීමකින් හෝ උපදෙස් නොමැතිව සිදු කර ඇති බවත් සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබේ.

සන්ඩේ ටයිම්ස්  වාර්තාව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග උපුටා දක්වමින් ප්‍රකාශ කරන්නේ   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමේ එක්සත් රාජධානි  සංචාරය සම්බන්ධයෙන්   නීතිපති පාරින්ද රණසිංහ, අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා ඇතුළු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම මට්ටම්වල සිටින කිසිම නිලධාරියෙක් නොදන්නා බවත් විමර්ශනය භාරව සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සංචාරයට පෙර නීතිපතිවරයාගෙන් කිසිදු උපදෙස් ඉල්ලා නොමැති බවත්ය.

නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් නොදී මෙම කණ්ඩායම ස්වාධීනව යැවීමට රහස් පොලිසිය තීරණය කර ඇති බවත්  එම වාර්තාවේ සඳහන් වේ.

නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ   නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමට සහකාර පොලිස් අධිකාරීවරයෙක්,   ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් සහ කනිෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළත් වී ඇති බවත්,  මෙම සතිය මුලදී දින පහක සංචාරයක් සඳහා මෙම කණ්ඩායම එක්සත් රාජධානියට පිටත්ව ගොස් ඇති බවත් එම වාර්තාව හෙළි කරයි.

කෙසේ වෙතත් තවමත් එක්සත් රාජධානියේ සිටින,  එක්සත් රාජධානියේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේනගෙන් හෙට (16)  CID කණ්ඩායම ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතව තිබෙන බව සන්ඩේ ටයිම්ස් කියයි. සාරෝජා සිරිසේනට ප්‍රකාශයක් ලබා දීම සඳහා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

2023 සැප්තැම්බර් මාසයේදී එවකට ජනාධිපති ධුරය දැරූ වික්‍රමසිංහගේ  බිරිය වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහට ගෞරව මහාචාර්ය ධුරයක් පිරිනමන ලද වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීමට වික්‍රමසිංහ යුවල එංගලන්තයට  පැමිණි අවස්ථාවේ ස‍රෝජා සිරිසේන එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරිය වූවාය.

මෙම සංචාරය පෞද්ගලික සංචාරයක් බවත් ඒ හේතුවෙන්  රුපියල්  මිලියන 16.6 ක්  මහජන මුදල් අවභාවිත කිරීම සිදුවී ඇති බවත් දක්වමින් පොලිසිය  රනිල් වික්‍රමසිංහට එරෙහි නඩු පවරා තිබිණි.   මේ සම්බන්ධයෙන්  ඔහු මේ වසරේ අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමට පෙර කෙටි කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිගම්බරම්ලා 21 රැළිය වර්ජනය කරති…

Next Post

වන අලි වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට කඩා වදිති… ගිලන් රියක් විනාශ කරති…. ( වීඩියෝ සහිතයි) 

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.