විහාර දේවාලගම් පනත හා කථිකාවත් පනත සංශෝධනය කොට අවසන් යැයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.
එම පනත් කෙටුම්පත් මහා නායක හිමිපාණන් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී සම්මත කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මහනුවර හිදගල විහාරස්ථානයේ බිතුසිතුවම් සංරක්ෂණය නිමිත්තෙන් පැවැති නිරීක්ෂණ අවස්ථාවකින් අනතුරුව ඊයේ (27) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පුරා විද්‍යාත්මක උරුමයන් මෙන්ම බුදු දහමේ වර්තමානය හා අනාගතය සුරක්ෂිත කිරීම සිය අරමුණ යැයි කී අමාත්‍යවරයා, ඒ වෙනුවෙන් සුදුසු වැඩපිළිවෙලක් ඉදිරියේදි ක්‍රියාත්මක කරන බව කීවේය.
මේ තුළින් යහපත් බෞද්ධයෙකු බිහි කළ හැකි යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.