කොළඹ 15 , මෝදර කජීමාවත්තේ ඊයේ (28) සවස ඇති වූ ගින්න හේතුවෙන් නිවාස සියයකට ආසන්න පුමාණයක් හානි වී පුද්ගලයන් 300ක් පමණ අවතැන් ව ඇති ව කොලඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි. ඔවුන්ට කඩිනම් සහන සැලසීමට අදාල පියවර මේ වනවිට ගෙන ඇති බවත් අද දින දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී මේ පිළිබඳව ගත යුතු පියවර පිළිබඳව සාකච්ඡා කෙරෙන බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
ඊයේ සවස 7.30ටෙ පමණ මෙම හදිසි ගින්න ඇතිව තිබෙන අතර එයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. බලපෑ හේතුව හඳුනා ගැනීම සඳහා අද පෙරවරුවේ රජයේ රස පරීක්ෂකවරයා මෙම ස්ථානයට කැඳවීමටද නියමිතය. අවතැන් පිරිස අතර කුඩා දරුවන්ද සිටින අතර ඔවුන්ගේ අධ්‍යාපන උපකරණ පොත්පත්වලට දැඩි සේ හානිවී ඇති බවද සඳහන් කරන දිස්ත්‍රික් ලේකම්වරයා මෙම දරුවන්ගේ පාසල් අධ්‍යාපනය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගත යුත බවද ඔහු පෙන්වා දුන්නේය. මේ වනවිට අවතැන් ජනතාව මෝදර ප්‍රජා ශාලාවක සහ විහාරස්තානයක රඳවා සිටිති.