සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විස රසකාරක වර්ණක දාපු පරිප්පු, ඉස්සෝ, වතුරවල බැක්ටීරියා හඳුනාගන්න අපට පහසුකම් නෑ…

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රෝෂන් කුමාරගෙන් ලංකාසර සමග කළ විශේෂ සාකච්ඡාවක්...

by editor
ජූනි 27, 2023
in පුවත්
street-cooking
Share on FacebookShare on Twitter

සාකච්ඡා කළේ – ශ්‍රියානි විජේසිංහ –

රටේ ආහාර ආරක්ෂණය පිළිබඳව  බරපතල ගැටලුකාරී තත්ත්වයක් ඇතිවී තිබේ. ඩයි කළ පරිප්පු ගැන ඇසේ. කහ සහ මිරිස් ගැන ඇසේ. විෂ සහිත රසකාරක යෙදූ ආහාරපාන සුලබ වෙමින් ඇතැයි කියැවේ.  එහෙත් ආහාරයක් මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු ද නැද්ද යන්න විද්‍යාත්මකව තහවුරු කිරගැනීමට ඇති ඉඩකඩ වැසී ඇත.  විද්‍යාවේ සියලු දේ පදනම් වන්නේ මානව පැවැත්ම වෙනුවෙනි. අනෙක් සියලුදේම දෙවැනිවය. ආර්ථිකව බිඳවැටුණු දුගි සමාජයක් ඊලඟට ආක්‍රමණය කරන්නේ  ප්‍රතිමිතියෙන් තොර විසකුරු ආහාර වෙළෙඳපලය. එය විද්‍යාත්මකව තහවුරු කරන මානව සම්පත මෙන්ම රසායනාගාරවල මූලික පහසුකම් ද රටට අහිමි වී තිබේ. පරීක්ෂණ සඳහා අවශ්‍ය මූලික රසායන ද්‍රව්‍ය නැත. වස කෑමට නියම වූ මිනිසුන් සිටින රටක කළ හැකි දේ කුමක් ද?. මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රෝෂන් කුමාරගෙන් ලංකාසර අපි ඒ පිළිබඳව විමසුවෙමු. අප නැගූ ප්‍රශ්නවලට ඔහු දුන් පිළිතුරු මෙසේය.

Roshan-Kumara
හජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රෝෂන් කුමාර

ප්‍රශ්නය – ආහාර පරික්ෂා කිරීමට කොපමණ රසායනාගාර සංඛ්‍යාවක් දිවයිනේ තියෙනවාද?

පිළිතුර – ආහාර පනත යටතේ ආහාර නියැදි  පරික්ෂා කරන රසායනාගාර නම් කරලා තිබිය යුතුයි. මෙසේ නම් කළ රසායනාගාර 5ක් දිවයිනේ තිබෙනවා.  මේ රසායනාගාර 5 තමයි , කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය, රජ‌යේ රස පරික්ෂක ආයතනය, කොළඹ නාගරික රස පරික්ෂණ ආයතනය, කුරුණෑගල රසපරික්ෂණ ආයතනය , අනුරාධපුර රසපරික්ෂණායතනය. 

ප්‍රශ්නය – මේ රසායනාගාරයන් තුළ ජල පරික්ෂාවන් කරන්නේ නැතිද?

පිළිතුර – මේ සියලුම රසායනාගාරයන් තුල ජල සාම්පල පරික්ෂා කරන්නේ නැහැ.  නමුත් ජල සාම්පල පමණක් පරික්ෂා කරන රසායනාගාරයක් තියෙන්නේ ගාල්ලේ විතරයි. නමුත් දැන් මාස කීපයක සිට ගාල්ල රසායනාගාරයේ ජල සාම්පල පරික්ෂා කිරිම නතර  කරලා තියෙන්නේ. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ප්‍රශ්නය- ජල සාම්පල පරික්ෂා කිරීම නතර කිරිමට හේතුව කුමක්ද?

පිළිතුර –  ස්ථීර බැක්ටීිරියා විශේෂඥවරයක් මේ රසායනාගාරය සතුව නැහැ. අනික තමයි නිලධාරීන්ගේ හිඟය. යන්ත්‍ර උපරකණවල හිඟය ,  රසායනික ද්‍රව්‍යවල හිඟය ආදී හේතු මත තමයි පරික්ෂා කිරීම් නතර කරලා තියෙන්නේ.

ප්‍රශ්නය –  රසායනාගාර පරික්ෂාවන් සඳහා මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු රසායනාගාරය වෙත යොමු කරන සාම්පල සියල්ලම නිසි ලෙස පරික්ෂා වෙනවාද?

පිළිතුර – ක්ෂේත්‍රය තුළ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 2500ක් පමණ සිටිනවා, මේ අය ලබා ගන්නා සෑම ආහාර හා ජල සාම්පලයක්ම පරික්ෂාවට ලක්කිරිමට රසායනාගාර ශීල්පින්ට හැකියාවක් නැහැ. මොකද ඉන්න පිරිස සීමිතයි. අවම පහසුකම් යටතේ තමයි ඔවුන්ට පරික්ෂා කිරීම් කරන්න වෙලා තියෙන්නේ. ඔවුන් තමන්ට හැකි උපරිම අයුරින් ඒ දේවල් කරනවා.

රජය නව   බඳවා ගැනීම් නතර  කිරිම හේතුවෙන්   විශාල‌ සේවක හිඟයක් නිර්මාණය වෙලා තියෙනවා. සමහර රසායනාගාරවල වෛද්‍ය රසායනාගාර තාක්ෂණ නිලධාරීන් ඉන්නේ දෙන්නයි තුන්දෙනයි. ඒ අයට දිනකට  කරන්න පුලුවන් පරික්ෂණයන් ඉක්මවා ගොස් ඒ අය ඔවුනගේ සේවාවන් ඉටු කරනවා.

ඒ වගේම තමයි රසායනාගාර පරීක්ෂණයන් කරන්න අවශ්‍ය කරන ප්‍රතික්‍රීය හිගයක් පවතිනවා. එහෙම වුණාම පරික්ෂණ කරන්න හැකියාවක් නැහැ. අනික තමයි සමහර රසායනික ද්‍රව්‍යවලට  හුඟවේලාවක් නිරාවරණය වීම ශරීර සෞඛ්‍යයට හිතකර නැහැ. ඒ නිසා ඔවුන්ගේ සෞඛ්‍ය   ගැනත් ඍවුන් බලන්න ඔිනේ.

ප්‍රශ්නය – පිසින ලද ආහාර පරික්ෂා කිරීම් වේ වන විට විධිමත්ම සිදුකරනවාද?

පිළිතුර – ඇත්තටම  ආහාර  පරික්ෂාව මේ වන විට යම් මට්ටමකින් කලත් එය  සෑම  රසායනාගාරයකම සිදුකරන්න පහසුකම් ප්‍රමාණවත්  නැහැ. විශේෂයෙන්ම ආහාරවල බැක්ටීරියා පරික්ෂණයන් මේ වන විට සීමාවෙලා තියෙනවා. විශේෂයෙන්ම ඝන ආහාරවල බැක්ටීරියාවන් පරික්ෂාව සීමාවෙලා තියෙනවා. නමුත් අර්ධ ඝන ආහාරයන්  බැලූ බැල්මට නරක්වෙලානම් අපේ ඇහැට පේනවා. දිවට දැනෙනවා. නමුත් මිනිස් අසූචිවලින් දූෂණ වුණ ආහාරයක් හරියමට දැනගන්න පුලුවන් වෙන්නේ රසායනාගාර පරික්ෂාවකින්ම පමණයි. නැතහොත් දැනගන්න වෙන්නේ ආහාරයට ගත් පසුව බඩේ ඇතිවන අජීර්ණ තත්ත්වයක් හෝ වමනය හේතුවෙන්. 

අනික් කරණ තමයි අපිට මාසයකට එකරවක් පමණයි රසායනාගාරයන්ට ආහාර සාම්පල් රැගෙන ඒමට ප්‍රවාහන පහසුකම් ලබාදෙන්නේ. අපි නරක්නොවන ආහාර සාම්පල් එකතු කරලා රසායනාගාරයට රැගෙන එන දිනයේම තමයි පිසූ ආහාර සාම්පල රැගෙන එන්නේ .ඒවත් ඉක්මනින් ගෙන ආයුතුයි. මෙසේ ගෙන ආවත් ඒවා බාරගැනීම රසායනාගාර මගින්  සීමා කර තිබෙනවා. මම මුලින් සඳහන් කළ පරිදි එකට ප්‍රධාන හේතුවෙ මානව හා භෞතික සම්පත්වල හිඟය. 

ප්‍රශ්නය – පිසින ලද ආහාරවල සුරක්ෂිතතාවය තහවුරු කිරීමේ හැකියාවක් නැතිද?

පිළිතුර – අපි බොහෝ විට සැකකටයුතු ආහාර පාන දුටුවිට එහි සාම්පල රසායනාගාරයන් වෙත යොමුකරලා කොහොම හරි වාර්තාවක් ගන්න බලනවා. ඒ හැරුණු  විට  ආහාර පිළියෙළ  කරන ස්ථානයන් පරික්ෂාවට ලක්කරන විට අපිට එම ස්ථානයන් කෙරෙහි හෝ ඔවුන් අනුගමනය කරන ක්‍රියා පිලිවෙල හෝ සේවය කරන සේවකයින් දිහා බලා  සෑහීමකට පත්වෙන්න හැකියාවක් නැතිනම් අපි ඒ ආහාරපාන වෙළඳපල වෙත නිකුත් නොකරන්න ක්‍රියා කරනවා.

ප්‍රශ්නය – මේ වන විට වෙළඳපල තුළ  වර්ණ, රසකාර, යෙදූ ආහාර ද්‍රව්‍යවලට හා ලුණුකුඩු, පාන්පිටි මිශ්‍රකර වියළි ආහාර තියෙනවා. මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමේ හැකියාව කොයිවගේද?

පිළිතුර – මේ වන විට වෙළඳපල තුළ වර්ණක යෙදු පරිප්පු, වියළි ඉස්සෝ වගේ දේවල් තියෙනවා නමුත් මේවා රසායනාගාරයන් තුළ  නිසිපරික්ෂාවකට ලක් කිරිමේ හැකියාවක් නැහැ. මොකද භෞතික හා මානව සම්පතේ හිඟය නිසා.

 අනික ලුණුකුඩු පාන්මිටි මිශ්‍ර කළ මිරිස්කුඩු කහකුඩු  වගේ දේවල් බැලූ බැල්මට කියන්න පුලුවන්.  ඒ නිසා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මිරිස්කුඩු කහකුඩු වගේ දෙවල් වර්ණක යෙදූ පරිප්පු ඉස්සෝ වගේ දේවල්  මිලදී ගැනීමෙදී වඩාත් සැලකිලිමත් වෙන්න කියලා. 

අනික අපි අධිකරණයට කරුණු වාර්තා කරලා ඒ  හරහා යම් ආහාර සාම්පලයක් රසායනාගාරයට පරික්ෂණය සඳහා යැවුවොත් ඒ අය ඒ සාම්පලය අනිවාර්යයෙන්ම පරික්ෂා කර දිය යුතුයි. 

ප්‍රශ්නය – පසුගිය කාලයේ රසකාරකයක් ලෙස භාවිත කරන අජිනමොටෝ පිලිබඳව දීර්ඝ වශයෙන් කථා කළා. නමුත් තවමත් මේ රසකාරකය ආහාර සැකසීමේදී භාවිත  කරනවා නේද? 

පිළිතුර – අජිනමොටෝ කියන්නේ වයස අවුරුදු 3ට අඩු දරුවන්ට කොහෙත්ම දෙන්න සුදුසු දෙයක් නෙවෙයි. නමුත් අජිනමොටෝ මිශ්‍රකළ ආහාර  පරික්ෂා කරන්න අපේ රටේ රසායනාගාර පහසුකම් තවමත් නැහැ .අජිනොමොටෝ කියන්නේ රස උත්ප්‍රෙරකයක්. 

ඒ වගේම තමයි ජෙලටින් හදන්නේ මුහුදු පැලෑටිවලින් සහ හරකුන් සහ උරන්ගේ කුර හණු සහ කටුවලින්.  මේ අය සෑම පැකට්ටුවේම  ගහල එවලා තියෙනාව මුහුදු පැළෑටිවලින්  හදවා කියලා. නමුත් මේවා හරියටම හදන්නේ මුහුදු පැළෑටිවලින්ද හරකුන්ගේ සහ ඌරන්ගේ කුරහනුවලින්ද කියලා නිවැරදිව කියන්න රසායනාගාර පරික්ෂණයන් කරන්න අපිට හැකියාව  නැහැ.

ප්‍රශ්නය –  ආහාර හසුරා තැබීමට භාවිත කරන ප්ලාස්ටික් ඇසුරුම් මිනිස් සිරුරට කොතරම් සුදුසුද?

පිළිතුර – ආහාර ඇසුම් කළ යුත්තේ ඒ සඳහාම වෙන්කල ප්ලාස්ටික්වල පමණයි. විශේෂයෙන්ම ළමුන් අතර වැඩිවශයෙන් අලෙවි වන බීම පැකට් නැතහොත් අයිස් පැකට් සඳහා භාවිත කරන ඇසුරුම්  මිනිස් සිරුරට කොතරම් ගුණදායකද කියලා බලන්න හැකියාවක් මෙරට රසායනාගාරයන් තුළ නැහැ. 

ජෙලිකූරු ලෙස භාවිත කරන ප්ලාස්ටික් වර්ගයත් සිරුරට ගුණාදයක නැහැ. ආහාර ඇසුම් සඳහා යෙදා ගන්නා ප්ලාස්ටික විනිවිද භාවයකින්  තිබිය යුතුයි.

ප්‍රශ්නය – රසායනාගාරයන් තුළ අවශ්‍ය මානව හා භෞතික සම්පත් නැතිනම් වෙළඳපල තුළදීම  ආහාර පරික්ෂාවන් කල හැකි විකල්පයක් නැතිද? 

පිළිතුර – නැත්තේ නැහැ…  තියෙනවා. නමුත් අපිට ඒ පහසුකම් දිලා නැහැ. වෙළඳපල පරික්ෂා කිරීම් වලදී අපට හැඟී  ගියොත් මේ ආහාර ද්‍රව්‍යවලට වර්ණකයක් යොදා ඇති බවට ඒ මොහොතේදීම එය පරික්සා කරන්න ටෙස්ට් කිට් දැන් ලෝකයේ තියෙනවා. අපි කියන්නේ මේ වගේ ටෙස්ට් කිට් ටිකක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට දීලා තියෙනවා නම් අපිට වෙළදපල තුළදීම මේ පරික්ෂා කිරීම් කරන් පුළුවන්. 

ලුණුවල අයිඩින් තියෙනවාද නැද්ද කියලා බලාගන්න පුලුවන්, ආහාර ද්‍රව්‍යවලට වර්ණක යොදා තිබෙනවාද කියලා බලන්න පුලුවන්. පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන්   තියෙනවාද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. මේ වගේ පරික්ෂා කිරීම් සදහා අපට පහසුකම් දීලා තියෙනාව නම් රසායනාගාරය වෙත යවන සාම්පල් ප්‍රමාණය හැකි පමණ අඩුකර ගන්න පුලුවන්. 

ප්‍රශ්නය – සායනාගාරයන් තුළ  තිබෙන පහසුකම් නැන්විමට සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාතයංශයේ ආහාර පාලන ඒකකයදැනුවත් නොකළේ ඇයි? 

පිළිතුර – ආහාර පාලන ඒකකයේ කිසිදු රැස්වීමටක අපිව කැඳවන්නේ නැහැ. ඒ නිසා ක්ෂේත්‍රයේ තියෙන ගැටලු ගැන ඔවුන් දැනුවත් නැහැ. සීත කාමරවල ඉඳලා මේ ගැටලුවලට විසඳුම් දෙන්න ප්‍රලුවන් කමක් නැහැ

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සදාචාරය කුඩු කර ටියුෂන් කඩ කරන මධ්‍යම පළාත් ගුරුවරුන් හොයන්න විශේෂ මෙහෙයුම් ඒකකයක්!

Next Post

යුනෙස්කෝව මහාවංසය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශ කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.