බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විස පොල්තෙල් වෙළෙඳපලට නිකුත් වී නෑ… පාරිභෝගික කටයුතු අධිකාරිය කියයි

අනියත බියක් ඇති කරගන්න එපා... ගබඩාවල තෙල් තොගයම තියනවා....

by editor
මාර්තු 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පිළිකා කාරක සහිත බව තහවුරු වූ ප්‍රශ්නගත පොල් තෙල් තොගයේ කිසිම ප්‍රමාණයක් වෙළෙඳපොලට නිකුත් වී නැති බවත්, ඊයේ (25)  පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් කළ පරීක්ෂාවක දී එම තෙල් තොගයේ නියමිත ප්‍රමාණයම අදාල සමාගමේ ගබඩාවල තිබෙන ආකාරය තහවුරු වූ   බවත්  පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ, පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්‍ෂ අසේල බණ්ඩාර පැවසීය.

ඔහු පවසන්නේ මේ සම්බන්ධව පාරිභෝගිකයන් අනියත බියක් ඇතිකරගත යුතු නැති බවය.

වැඩිදුරටත් මාධ්‍යයට අදහස් දැක්වූ අසේල බණ්ඩාර මෙසේ  ද කීවේය.

“ලංකාවට පොල් තෙල් එන ක්‍රම දෙකක් තියනවා. ඍජුව  පරිභෝජනය කළ හැකි ආකාරයේ පොල් තෙල්  සහ පරිපහදු කර ගත යුතු පොල් තෙල් විදිහට. ෆාම් ඔයිල් එන්නෙත් මේ ආකාරයමට තමයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ කියන කාරණාවේ දී ගැටලුවක් මතු වෙලා තියෙන්නේ  පිරිපහදු නොකළ පොල් තෙල් ගෙන්වලා පිරිපහදු කර වෙළෙඳපලට දැමීමේ  සිදුවීමක දි.

සාමාන්‍යයෙන් මෙවැනි තෙල් තොගයක්  ලංකාවට ආවට පස්සේ ශ්‍රී ලංකා සෞඛ්‍ය අංශයෙන් හා ප්‍රමිති ආයතනයෙන් සාම්පල් ලබා ගන්නවා. සාම්පල් ලබාගෙන  පරීක්ෂා කරලා ඒ වාර්තා ආවට පස්සේ තමයි මේවා වළෙඳපලට නිකුත් කරන්න අවසර දෙන්නෙ.  මේ තෙල් තොගයේ ඇල්ෆාටොක්සීන් තියන බව තවුරු වුනාට පස්සේ ඒවා පිරිපහදු කරන්න පෙර ප්‍රති අපනයනය කරන්න කියලා නිර්දේශ කලා.

දැනට ඇතිවෙලා තියෙන්නෙ මේ තෙල් ප්‍රතිඅපනයනය කරන්න කියලා දැනුම් දීමේ දි ඇතිවෙලා තියන ගැටලුව.     පසුගිය දවස්වල මාධ්‍යවලට ගියෙ මේවා වෙළෙඳපලට නිකුත් වෙලා කියලා.  ඒත් සිද්ධ වුණේ  මේ තෙල් තොගය   මේ අයගෙ ගබඩාවලට   ගිය එක.

වෙළඳපලට ගියාද නැද්ද කියලා පාරිභෝගික අධිකාරියේ අපේ නිලධාරීන් පරීක්ෂා කරලා බැලුවා.  එම විෂ තෙල් ඒ අයගෙ ගබඩාවල තියනවා. ඒ නිසා ඒ සම්බන්ධව  පාරිභෝගිකයන් අනියත බියක් ඇති කරගත යුතු නෑ.“

Tags: නවතම
Share69Tweet43
Previous Post

දරුවන් 50ට අඩු දකුණේ පාසල් 114ක් ගැන අවසන් තීන්දුව සතියක් තුළ

Next Post

විකෘතිත් ඩබල් කොවිඩ් ප්‍රභේදයට ලංකාව සීරුවෙන්

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.