මැතිවරණයකින් තොරව විසුරුවා හරින ලද පළාත් පාලන මන්ත්‍රීවරුන් සහිත බලධාරීන් යළි කැදවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරිත්වය (PAFFREL) සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි අද (12) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ නිර්ණය පෙත්සමක් ගොනු කළේය.
යෝජිත පනත් කෙටුම්පත මගින් ජාතික මැතිවරණය ඇතුළු මැතිවරණ නියමිත කාලයට පැවැත්වීමේ නීතිමය රාමුව අවභාවිතා කිරීමේ අවදානමක් නිර්මාණය වන අතර එමඟින් රටේ සමස්ත ප්රජාතන්ත්රවාදී ක්‍රමය කෙරෙහි ජනතාවගේ විශ්වාසය නැති වී යා හැකි බව පෙත්සම්කරු පවසයි.
නීතීඥ මංජුල බාලසූරිය මහතා මෙම පෙත්සම ගොනු කර ඇත.