විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් ඉදිරිපත් කිරීමට නියමිත 21 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යෝජනා කෙටුම්පත සමගි ජන බලවේගය විසින් අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම කෙටුම්පත අද පෙරවරුවේ කථානායකවරයා වෙත භාර දීමට සූදානමින් සිටින පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් ලංකාසරට පැවසීය.
මේ වනවිට රජයද 20 වැනි සංශෝධනය අහෝසි කිරීමේ වැදගත්කම අවබෝධ කරගෙන සිටින බවත් අග්‍රාමාත්‍යවරයා එය පාර්ලිමේන්තුවේදීද ප්‍රකාශ කළ අතර පසුගිය සඳුදා පැවැති පක්ෂ නායක රැස්වීමේදීද ආණ්ඩු පක්ෂය මේ පිළිබඳව පක්ෂ නායකයන්ට දන්වා ඇති බවත් දැනගන්නට තිබේ.
ඊට අනුගත ව සමගි ජනබලවේගය සිය නීති විශාරදයින්ගේ සහය ඇතිව මෙම කෙටුම්පත් සකස් කළ බව ද එම ජ්‍යෙෂ්ඨයා තවදුරටත් සඳහන් කළේය.