යෝජිත විසිවැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි සඳහන් ප්‍රධාන කරුණු තුනක් වෙනස් කිරීමට තීරණය කර තිබේ.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති කැබිනට් මණ්ඩලයේදී සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ය.
අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ලංකාසරට පැවසුවේ හදිසි පනත් ගෙන ඒම, අමාත්‍ය මණ්ඩලය වැඩි කිරීම සහ රාජ්‍ය සමාගම් විගණනය ඉවත් කිරීම යන කරුණු තුන යළි සංශෝධනය කිරීමට මෙහිදී එකඟ වූ බවයි.
විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් කරුණු පිළිබඳ මහා සංඝරත්නයේ ද, සිවිල් සංවිධාන සහ ඇතැම් ආණ්ඩුවේ ම පාර්ශ්වයන් පාර්ශවයන්ගේ ද විවේචන සහ ඉල්ලීම් පිළිබඳ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.









