සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විස්සයි-20 ලෝක කුසලානය: ලංකාවේ තණතීරු ගැන අයි.සී.සී.යේ දැඩි අවධානයක්!

තණ තීරු සම්බන්ධව  පුහුණුකරුවන්ගෙන් එල්ල වන බලපෑම් ගැනත් වාර්තා වෙයි

by editor
පෙබරවාරි 1, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ලබන සතියේ ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග සඳහා සකස් කෙරෙන තණතීරු පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දැඩි අවධානය යොමුව තිබේ.

විශේෂයෙන්ම තරග පැවැත්වීමට නියමිත කොළඹ ආර්. ප්‍රේමදාස, එස්.එස්.සී. (SSC) සහ මහනුවර පල්ලෙකැලේ යන ක්‍රීඩාංගණවල තණතීරු සකසන්නන්ට විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වන බලපෑම් පිළිබඳව අයි.සී.සී.ය වෙත තොරතුරු වාර්තා වී ඇත.

එංගලන්ත නායකයාගේ විවේචනය

මෙම තත්ත්වය තවදුරටත් උණුසුම් කරමින්, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව එංගලන්ත නායකය හැරි බෲක්   කළ ප්‍රකාශය ද බොහෝ දෙනාගේ අවධානයට ලක් විය.

2026 ජනවාරි 24 වන දින එංගලන්තය දෙවන එක්දින තරගයෙන් කඩුලු 5 ක ජයග්‍රහණයක් ලබා ගැනීමෙන් පසු එංගලන්තයේ   නායක හැරී බෲක් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ තණතීරුව  විස්තර කළේ “මම කවදා හෝ ක්‍රීඩා කර ඇති නරකම තණතීරුව” මේ තණ තීරුව ලෙසය.

තණ තීරුවේ ස්වරූපය  නිසා තම කණ්ඩායමට “හැකි ඉක්මනින් අනුවර්තනය වීමට” සහ නිදහසේ ක්‍රීඩා කිරීමට වඩා ආරක්ෂාව  කෙරෙහි අවධානය යොමු කිරීමට සිදු වූ බව ඔහු සඳහන් කළේය. මෙම තරඟ ජයග්‍රාහී ලකුණු 75 ක් ලබා ගත් ප්‍රවීණ පිතිකරු ජෝ රූට්, එම හැඟීම ප්‍රතිරාවය කරමින්, එය “එක්දින ක්‍රිකට් සඳහා හොඳ කඩුල්ලක් නොවේ” යැයි  පැවසීය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

මේ විවේචනය ඉතාම තදින් ජාත්‍යාන්තරයට ගොස් තිබිනි.

කෙසේ වෙතත්  හැරී බෲක්ගේ   සහ ජෝ රූට් ගේ විරෝධතාවයට ශ්‍රී ලංකා එක්දින නායක චරිත් අසලංකගෙන් සහ හිටපු ශ්‍රි ලංකා නායක ඈන්ජලෝ මැතිව්ස්ගෙන්  ප්‍රතිචාර ලැබී තිබිණි. අසලංක ඇසුවේ කණ්ඩායම් දෙකම ලකුණු 440කට වඩා ලබා ගත් තරගයක තණ තීරුව  දුර්වල එකක් විය නොහැකි බවය.

එංගන්තයේ හෝ ඔස්ට්‍රේලියාවේ  වේග පන්දු යවන්නනට හිතකාමී තණ තීරු  ක්‍රීඩා හිතකාමී ලෙස වර්ණනා කරන එංගලන්තය දකුණු ආසියාවේ දඟ පන්දු යවන්නට වඩාත් හිතකර තණ තීරු විවේචනය කිරීම අනුමත කළ නොහැකි දෙබිඩි පිළිවෙතක් බව මැතිව්ස් පැවසුවේය.

බාහිර බලපෑම් සහ අයි.සී.සී. අධීක්ෂණය

වාර්තා වන අන්දමට අයි.සී.සී අවධානය යොමු වී ඇත්තේ  තණතීරු සකසන්නන්ගේ ස්වාධීන රාජකාරියට බාධා වන අයුරින් විවිධ පාර්ශ්වයන්ගෙන් පීඩනය එල්ල වී ඇති බවට තොරතුරු වාර්තා වීමෙන් පසුය.  ඉන් වැඩි ප්‍රමාණයක් කණ්ඩායම් පුහුණුකරුවන් පාර්ශවයෙන් ලැබී ඇතැයි අයි.සී.සී ය නිරීක්ෂණය කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

සාමාන්‍යයෙන් අයි.සී.සී. තරගාවලියක තණතීරු සැකසීම සිදුකළ යුත්තේ අයි.සී.සී.ය මගින් පත් කරනු ලබන විශේෂඥයෙකුගේ (Pitch Expert) පූර්ණ අධීක්ෂණය යටතේය. කිසිදු කණ්ඩායමකට විශේෂ වාසියක් අත් නොවන පරිදි, දෙපාර්ශවයටම සාධාරණ වූ මධ්‍යස්ථ (Neutral) තණතීරු සකස් කිරීම අයි.සී.සී.යේ වගකීමකි.

එබැවින් ලෝක කුසලාන තරගාවලිය පුරා ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ සම්බන්ධයෙන් ඉතා දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස අයි.සී.සී. නිලධාරීන්ට උපදෙස් ලැබී ඇතැයි වාර්තා වේ. පහත දැක්වෙන්නේ මේ වනවිට අන්තර්ජාලයේ සංසරණය වෙමින් ඇති කාර්ටුන් සිතුවමකි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බල ශක්ති අර්බුදයක් වළක්වා ගන්න ලක්විජය බලාගාරයට හදිසි ගල්අඟුරු මිලදී ගැනීමකට කැබිනට් අනුමැතිය ලැබිලා?

Next Post

අඟහරුවාදා ශිරන්ති FCID එකට… නාමල් CID එකට…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.