බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විශේෂඥ පුහුණුව සඳහා රටින් පිටවන වෛද්‍යවරු 50% වඩා යළි රටට එන්නේ නෑ….

by editor
ජූනි 27, 2023
in පුවත්
migration-overseas-doctors_
Share on FacebookShare on Twitter

දැනට විදේශගතව සිටින වෛද්‍යවරුන් 700ක් ඉදිරි වසර දෙක ඇතුළත විශේෂඥ පුහුණුව අවසන් කර ආපසු  පැමිණෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා  පුරෝකථනය කළ ද  මේ වනවිට නිර්මාණය වී ඇති තත්ත්වය තුළ එවැනි සම්භාවිතාවක් නොමැති බව  ජ්‍යේෂඨ විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති.

පසුගිය කාලය තුළ  රටින් පිටවයන වෛද්‍යවරුන් සංඛ්‍යාව   සහ නැවත පැමිණෙන වෛද්‍යවරුන් සංඛ්‍යාව සංසන්දනය කිරීමේදී එම සංඛ්‍යාත්මක අගයන් අතර විශාල අන්තරයක් ඇති බව මේ සම්බන්ධව ඩේලි මිරර් වෙත අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයෙක් පෙන්වා දී තිබිණි.

2016 සිට 2023 දක්වා විශේෂඥ පුහුණුව සඳහා විදේශගත වූ 168ක්වන  ළමා රෝග ක්ෂේත්‍රයේ   වෛද්‍යවරුන්ගෙන් යලි මෙරටට පැමිණ ඇත්තේ 98 දෙනෙක් පමණක් බව  මෙම ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

එමෙන්ම  විශේෂඥ පුහුණුව සඳහා   2016 සිට 2023 දක්වා කාලය තුළ විදේශගත වූ නිර්විදන ක්ෂේත්‍රයේ  වෛද්‍යවරුන් 200 දෙනෙකුගෙන් යළි දිවයිනට පැමිණ ඇත්තේ  108 දෙනෙකු  පමණක් බව ඔහු උදාහරණ සහිතව පැහැදිලි කරයි.

ඛේදනීයම සංඛ්‍යා දත්ත හෙළිදරව්ව වන්නේ විශේෂඥ පුහුණුව සඳහා වර්ෂ  2022 දී විදේශගතවූ  ළමා රෝග ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන් 32න් යළි ලංකාවට පැමිණ ඇත්තේ    තිදෙනෙකු පමණක් වීමය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඒ අනුව, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන අවදානම් පිළිබඳ  කෙරෙන මෙම සාධනීය අනාවරණයේ දි  රට හැර යන වෛද්‍යවරුන්ගෙන්  සියයට 50 කට වැඩි ප්‍රමාණයක් නැවත පැමිණීමට ඉඩක් නොමැති බව  තහවුරු වී තිබේ.

මේ අතර, වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ සංඛ්‍යාලේඛනවලට අනුව, 2016 වසරේ සිට මේ දක්වා මෙරටට පැමිණ නොමැති විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව 160කි.

කෙසේ වෙත්ත  මෙම ගැටළු පිළිබඳව අවධානය යොමු කළ විට සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඩේලි මිරර් වෙත පවසා ඇත්තේ  දැනට විදේශයන්හි වෛද්‍ය විශේෂඥ පුහුණුව ලබන වෛද්‍යවරුන් 700 ක් ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවය.

මේ වසරේ වෛද්‍යවරුන් 300 ක් නැවත පැමිණීමට නියමිත බවත් ඉතිරි 400 වර්ෂ 2024 දී නැවත පැමිණීමට අපේක්ෂා කරන බවත් ඔහු අවධාරණය කර ඇත.

ප්‍රාදේශීය රෝහල්වල ඇති විය හැකි විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය පියවීම සඳහා එම තත්ත්වය ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට සැලසුම් කර ඇති බව ලේකම්වරයා පවසා   තිබිණි.

කෙසේ වෙතත්, අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කරන පරිදි දැනට විදේශගතව සිටින වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් නැවත මෙරටට පැමිණීමට ඇති ඉඩකඩ අඩු බව බොහෝ විද්වත්හු එකඟ වෙති.

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගේ  අඩු වැටුප්, ඉහළ බදු, සීමිත වෘත්තීය අවස්ථා, දුර්වල සේවා තත්ත්වයන්, සම්පත් හිඟය, උපකරණ සහ රෝහල්වල කාර්ය මණ්ඩල  ගැටලු, දේශපාලන අස්ථාවරත්වය සහ ප්‍රමාණවත් රැකවරණයක් නොමැති වීම ඇතුළු කරුණු රාශියක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් රට හැර යාමට පටන්ගෙන ඇති බව අනාවරණය වී ඇත.

ඩේලිි මිරර් –

Tags: නවතම
Share69Tweet43
Previous Post

අය – වැය සඳහා ලෝක බැංකුව ණයක් දෙයි… අයවැය ආධාර ඩොලර් මිලියන 500යි… සුබසාධන ආධාර ඩොලර් මිලියන 200යි…

Next Post

නිමල් ලංසා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇනයක් වෙලා ද?

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.