සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විශිෂ්ට ජයක්… අයර්ලන්තය පරදවා ශ්‍රී ලංකාව කඩුළු 09කින් ජය ගනී!

by editor
ඔක්තෝබර් 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අරයර්ලන්තය පරදවා  ශ්‍රී ලංකාව කඩුළු 09ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගත්තේය. ඒ පන්දු ඕවර 05ක් ඉතිරිව තිබියදී ය. 

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 15ක් අවසන්වන විට එක් කඩුල්ලක් පමණක් දැවී  අයර්ලන්ත කණ්ඩායම ලබා දුන් ලකුණු 129 ඉලක්කය පසු කර ගියේය.

මෙවරත් කුසල් මෙන්ඩිස්ගෙන්  අති උත්කර්ෂවත් පිතිකරණයකි.    කුසල්   පන්දු 42ක් තුළ හතරේ පහර 5ක් සහ හයේ පහර තුනක්  සමග  නොදැවී ලකුණු 68ක් ලැබුවේය.  කුසල් ලංකාවේ ජයග්‍රහණය සලකුණු කළේ මනරම් හයේ පහරකිනි.

කුසල් මෙන්ඩිස්…

පැතුම් නිස්සංක නැති ආරම්භක පිතිකරණයට පැමිණයේ ධනංජය ද සිල්වාය. ධනංජය සහ කුසල් කදිම ආරම්භයක් ලබා ගත්තේය. ධනංජයය පන්දු 25ක් තුල හතරේ පහර දෙකක් සහ එක් හයේ පහරක් සමගින් ලකුනු 31 ලැබුවේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දැවී ගිය එකම කඩුල්ල ධංජය ය. ඔහු දකුණතින් ලෙග් බ්‍රේක් පන්දු යවන ගැරත් ඩෙලනි ගේ පන්දුවකට කඩුළු රකින ක්‍රීඩක ලෝකන් ටකර් වෙත උඩ පන්දුවක් ලබා දීමෙන් දැවී ගියේය. ඔහු දැවී යනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යව 63කි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉන් අනතුරුව පිටියට පැමිණි චරිත් අසලංක සිය සුපුරුදු පිතිකරණ රිද්මයට පැමිණ ඇති අයුරු පෙන්නුවේය. ඔහු  පන්සු 22ක් තුළ හතරේ පහර 02ක් සමගින් ලකුණු 31 නොදැවී ලැබුවේය.

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ 15වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර අද  තරගය පැවැත්වුනේ ඔස්ට්‍රේලියාවේ හොබාර්ට් හි දී ය.  කාසියේ වාසිය දිනු අයර්ලන්ත කණඩායම මුලින්ම පන්දුවට පහරදීම තේරුවේය.

ආරම්භක පිතිකරණ යුගලයේ හැරී ටෙක්ටර් පන්දු 42ක දී  ලකුණු 45ක් ලැබුවේය. ඒ එක් හයේ පහරක් සහ හතරේ පහර දෙකක් සමගිනි.

හැරී ටෙක්ටර්

ජොර්ජ් ඩොක්‍රෙල් ලකුණු 14ක් ලැබුවේය. අනෙක් එක් ක්‍රීඩකයෙක්වත් ලකුණු 10 සීමාව ඉක්මවා ගියේ නැත.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ  සෑම ශ්‍රී ලංකා   පන්දු යවන්නෙක්ම අයර්ලන්ත කණ්ඩායමට පීඩාවක් එල්ල කළහ.

මහීෂ් තීක්ෂණ පන්දු ඕවර 4තුළ ලකුණු 19ට කඩුළු 02ක්, වනිඳු හසරංග පන්දු ඕවර 04 තුළ ලකුණු 25ට කඩුළු 02ක් බිඳ හෙළූහ. බිනුර ප්‍රනාන්දු, ලකුණු 27ට කඩුල්ලක්, ලහිරු කුමාර ලකුණු 12කට කඩුල්ලක්, චාමික කරුණාරත්න ලකුණු 29ට කඩුල්ලක්, ධනංජයද සිල්වා ලකුණු 13ට කඩුල්ලක් බිඳහෙලුවේය.

තරගයේ සියලුම ගෞරව ශ්‍රී ලංකා කණ්ඩායමටය. ඔවුහු පන්දු ඕවර 15ක් තුළ ලකුණු 129 ජයග්‍රාහී ඉලක්කය පසු කළහ. තරගයේ වීරයා කුසල් මෙන්ඩිස්ය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාසල් වැසිකිළියෙන් හමුවූ බිළිඳු කළලය සම්බන්ධ ඉදිරි පරීක්ෂණ සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට සූදානම්!

Next Post

ලබන අවුරුද්දෙත් වාහන ගෙන්වීම නවතින හැඩ! අහිමි වන බද්ද සොයන්න අයවැයෙන් අලුත් බදු !

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.