සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාරය මිත්‍යාවක්… සුරාබදු, රේගු දේශීය ආදායම් ලොක්කෝ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයට ඇවිත් රටට කියති! 

දේශීය ආදායම් රේගුව සහ සුරාබදු ආයතන තුනේ හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 90 ට අඩුයි... තුන්දෙනාම පවසයි!

by editor
අගෝස්තු 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

රාජ්‍ය ආදායමෙහි ප්‍රධාන මූලාශ්‍ර තුනක් වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ආශ්‍රිතව විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාර මිත්‍යා සහගත බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි පැවසීය.

මෙම ආයතන තුනෙහිම හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 90ක් පමණක් බව පෙන්වා දුන් ඔහු ලෝකයේ ඕනෑම රටක සමස්ත බදු ආදායමෙන් 3%-5% ක් අතර හිඟ බදු ප්‍රමාණයක් පවතින බවද සඳහන් කළේය.

සුරා බදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මෙම අදහස් පළ කළේ , “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයින් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී අද (26) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

එසේම මෙම ආයතන තුන 2023 වසරේදී ඉතිහාසයේ වැඩිම ආදායම ලෙස රුපියල් ට්‍රිලියන 3 ඉක්මවූ ආදායමක් ලබා ගත් අතර වසර 25කට පසු ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කිරීමට සමත් වූ බවද ඔහු සඳහන් කළේය

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මෙසේද පැවසීය

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

මුදල් අමාත්‍යාංශය යටතේ තිබෙන රාජ්‍ය ආදායම් ලබා දෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව යන ආයතන තුන නීතිමය රාමුවක් තුළ අදාළ බදු එකතු කිරීම් සිදු කරනවා. නමුත් මෙරට විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට මිත්‍යා මත ප්‍රචාරය කිරීමට සමහර කණ්ඩායම් කටයුතු කරනවා. නමුත් සමස්තයක් ලෙස ගත් කල ආයතන තුනෙහිම හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 90කටත් අඩු බවද කිව යුතුයි. එම බදු ආදායම් ගෙවීමට තිබෙන බහුතරයක් ආයතන රාජ්‍ය ආයතන බවද සඳහන් කළ යුතුයි. අනෙක් ආයතන වෙතින් බදු මුදල් අය කර ගැනීම සඳහා අධිකරණ‍ය වෙත යොමු වී තිබෙනවා. එම නිසා එම මුදල් සැලකිය යුත්තේ අත්හිටවූ බදු ලෙසයි. එම අධිකරණ ක්‍රියාවලිය නිමවූ පසු නැවත බදු අය කර ගැනීමේ හැකියාව තිබෙනවා. එසේම ඕනෑම රටක සමස්ත බදු ආදායමෙන් 3%ක් -5%ක් අතර ප්‍රමාණයක බදු හිඟයක් පවතිනවා. නමුත් සමස්තයක් ලෙස ගත් කල පසුගිය වසර දෙකක කාලය තුළ රාජ්‍ය බදු ආදායම විශාල ප්‍රමාණයකින් වැඩි වුණා.

ඒ අනුව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන ත්‍රිත්වය 2023 වසරේදී ඉතිහාසයේ වැඩිම ආදායම ලෙස රුපියල් ට්‍රිලියන 3 ඉක්මවූ ආදායමක් ලබා ගෙන තිබෙනවා. ඒ සමඟ වසර 25කට පසු ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කිරීමට සමත් වූ බවත් පැවසිය යුතුයි.

මෙහිදී සුරාබදු දෙපාර්තමේන්තුව වෙත අවධානය යොමු කළහොත් එය 2023 වසරේ රුපියල් බිලියන 179ක ආදායමක් ලබාගෙන තිබෙනවා. 2024 වසරට ලබා දී තිබෙන ඉලක්කය රුපියල් බිලියන 232යි. 2023 අගෝස්තු 22 වන දා වනවිට අප රුපියල් බිලියන 106.5ක ආදායමක් ලබා තිබූ අතර, 2024 අගෝස්තු මාසයේ දී රුපියල් මිලියන 132.7ක ආදායමක් හිමි කර ගෙන තිබෙනවා. එම කාල සීමාව අනුව මේ වසරේ දී 24.6%ක වර්ධනයක් පෙන්නුම් කරනවා .

ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුවට බලපත්‍ර නිකුත් කිරීම මඟින් ආදායම් ලැබෙනවා. නව බලපත්‍ර ලබා දීමේදී මහ නගර සභා සීමාවක් තුළ රුපියල් මිලියන 15ක්, නගර සභා සීමාවක් තුළ රුපියල් මිලියන 12.5ක් හා ප්‍රාදේශීය සභා සීමාවක් තුළ රුපියල් මිලියන 10ක් ලබා ගැනීම සිදුකරනවා. නිෂ්පාදනාගාරයක් සඳහා බලපත්‍ර නිකුත් කිරීම සිදුකරන්නේ රුපියල් මිලියන 25ක මුදලකටයි. මේ වසරේ අගෝස්තු 20 වැනිද වන විට රුපියල් බිලියන 132.4 ප්‍රමාණයක් උපයා ගැනීමට අප දෙපාර්තමේන්තුව සමත් වී තිබෙනවා. 2023 වසරේ අප ආයතනයේ හිඟ බදු මුදල රුපියල් මිලියන 1040ක් වුවත් එයින් රුපියල් මිලියන 609 ක් මෙම වසරේ පෙබරවාරි මාසය වන විට අය කර ගැනීමට හැකියාව ලැබුණා. අනෙක් සියලු හිඟ බදු මුදල් අධිකරණ ක්‍රියාවලියකට නතුවී තිබෙන බව කිව යුතුයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් (බදු ප්‍රතිපත්ති, ජාත්‍යන්තර කටයුතු සහ නීති) සමන් ශාන්ත පැවසුවේ

රට යථා තත්ත්වයට පත් වීමත් සමඟ පසුගිය වසරේ සිට බදු ආදායම් ඉලක්ක ඉක්මවා කටයුතු කිරීමට හැකි වූ බවය. 2024 වසරේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 2024 ක් බවත්,  එම ආදායම ළඟා කර ගැනීම වෙනුවෙන් මෙම වසරේ පළමු මාස හතරේදී සියයට 40%ක ආදායමකුත් ඉතිරි මාස හයේ දී 60%ක් ආදායමකුත් ලබා ගැනීමට සැලසුම් කර තිබෙන බවත් සමන් නිශාන්ත කීවේය.

ඔහු මෙසේ ද පැවසුවේය.

අවදානම් කළමනාකරණ ඒකකයක් පිහිටුවා බදු ආදායම් ක්‍රියාවලිය සක්‍රීයව හා විධිමත්ව සිදු කිරීමට කටයුතු කර ඇති බවද කිව යුතුයි. මේ වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අදාළව අත්හිටවූ බදු ආදායම ලෙස රුපියල් බිලියන 1066ක් තිබෙනවා. ඒ අදාළ බදු මුදල් සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති නිසයි.

ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හිඟ බදු රුපියල් බිලියන 188ක් තිබුණා. එයින් සුරාබදු දෙපාර්තමේන්තුවේ සේවකයන්ගේ කැප කිරීම මත රුපියල් බිලියන 104ක් නැවත ලබා ගැනීමට කටයුතු කරමින් තිබෙනවා. තවත් රුපියල් බිලියන 84ක හිඟ බදු ප්‍රමාණයක් පවතිනවා. එය ලබා ගැනීම සඳහා අවශ්‍ය නෛතික ක්‍රියාවලිය මේ වන විටත් සිදුකර තිබෙනවා.

2023 වසරේ ලක්ෂ හතරහමාරක්ව පැවති බදු ලිපි ගොනු ප්‍රමාණය මේ වන විට ලක්ෂ එකොළහමාරක් බවට පත්ව තිබෙනවා. මේ වසරේ ටින් අංකය ලබා ගත් ප්‍රමාණය ලක්ෂ හතළිස් හතක් වෙනවා.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මූල්‍ය නිලධාරී අනුර මුතුකුඩේ 2024 වසරේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 1533ක් වූ බවත්, . මෙම වසරේ අගෝස්තු 25 වන විට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 963.7 ක් උපයා ගැනීමට සමත් වී ඇති බවත් පැවසුවේය. ඔහු මෙසේ ද කීවේය.

මාධ්‍ය වාර්තා පළ වූ ආකාරයෙන්ම රේගු දෙපාර්තමේන්තුවේ හිඟ බදු මුදල රුපියල් බිලියන 58.6ක්. එයින් රාජ්‍ය ආයතන ලබාදිය යුතු බදු මුදල රුපියල් බිලියන 57.6ක් වනවා. එම නිසා එම බදු මුදලේ අගය ශූන්‍යතාවයක පවතිනවා. ඉතිරි බදු ලබා ගැනීම සඳහා අදාළ නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ආයතනය කටයුතු කර තිබෙනවා. මේ සමහර හිඟ බදු අවුරුදු දහයක් හෝ ඊට වැඩි ගණනක් පවතින ඒවායි.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව “සුපිළිපන්න ඒකකයක්” විවෘත කර තිබෙනවා. එයට ඕනෑම කෙනෙකුගේ මහජන පැමිණිලි ඉදිරිපත් කළ හැකියි. මේ සියලුම බදු එකතු කිරීම සිදු කරන්නේ සේවකයෙන් නමසිය හතලිහකගේ පුරප්පාඩු මධ්‍යයේ බවද සඳහන් කළ යුතුයි. නමුත් අප සේවකයන් කිසිම බදු ආදායම් පැහැර හැරීමකට ඉඩ ලබාදී නැහැ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ අශිෂ්ට දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට අවශ්‍යයි… මෙතෙක් වූ සමාජ අපාරධවලට යුක්තිය ඉටු කරගැනීමට අවශ්‍ය බව කියා පෑමට ඡන්දය පාවිච්චි කරන්න… කතෝලික රදගුරු සමුළුව නිවේදනය කරයි!

Next Post

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ශෙහාන් සේමසිංහ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා බනී…

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.