බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 42කින් පරාදයි!

by editor
මාර්තු 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට වැඩි ඡන්ද 42කින් පරාජයට පත් වුයේය. තථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද පක්ෂව 75ක්  විරුද්ධව ඡන්ද  117ක් ද ලැබී තිබිණි. කිසිවෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේ නැත. ඒ අනුව වැඩි ඡන්ද 42කින් විශ්වාස භංග යෝජනාව පරාජයට ලක් විය.

වත්මන් කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විවාදයට ගැනුන  විශ්වාසභංග යෝජනාව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයෙකුට එරෙහිව ඉදිරිපත් වූ පස් වන විශ්වාසභංග යෝජනාවය. මෙම විශ්වාසභංග යෝජනාවට පෙර   අවසන් වරට  ශ්‍රී ලංකාවේ කතානායකවරයෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී ඇත්තේ, මීට වසර 32කට පෙරය..

අද සිදුවුවාක් මෙන්  මීට පෙර, කතානායකවරයෙකුට එරෙහිව අවස්ථා 4කදී ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනා කිසිවක් ද ජයග්‍රහණය කර නැත.

කථානායකවරුන් හතර දෙනෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනා පහෙන්    විශ්වාසභංග දෙකකට මුහුණ දෙන්න්නේ එම්. එච්. මොහොමඩ් කථානායකතුමාය. ඒ සියල්ල පරාද විය.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ කතානායකවරයෙකුට එරෙහිව පළමු වරට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූයේ, 1963 වර්ෂයේදී ය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඒ, එවකට කතානායකවරයා වශයෙන් කටයුතු කළ ආර්.එස්. පැල්පොළට එරෙහිව ය.

මෙතෙක් කථානායකවරුන්ට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාස භංග යෝජනා මෙසේය..

  • 1963 – ආර්.එස්. පැල්පොළට එරෙහිව – අපක්ෂපාතිව කටයුතු නොකළ බවට ජේ.ආර්. ජයවර්ධන ප්‍රමුඛ විපක්ෂයේ මූලිකත්වයෙන් යෝජනාව ඉදිරිපත් කරන ලදී. ආර්.එස්. පැල්පොළ යනු නාවලපිටියෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ අයෙක් විය.
  • 1980 – එම්.ඒ. බාකීර් මාකාර් – ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස්ගේ ඉල්ලා අස්වී‌මෙන් පසු බාකීර් මාකර් කතානායකවරයා වශ‌යෙන් පත්කරන ලදී. බේරුවල ආසනයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඔහු පාර්ලිමේන්තු වරම් හිමි කර ගත්තේ ය. 1983 අගෝස්තු මාසයේදී ඔහු කතානායක ධූරයෙන් ඉල්ලා අස් විය.
  • 1991 – එම්.එච්. මොහොමඩ් – හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අවස්ථාවේදී පක්ෂග්‍රාහීව කටයුතු කළ බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ ඔහු 1989 වසරේ 1994 වසර දක්වා කතානායක ධූරය දැරීය.
  • 1992 – එම්.එච්. මොහොමඩ් – කලබලකාරී අවස්ථාවක න්‍යාය පත්‍රයේ තිබූ අයිතම 17ක් එක දිගට අනුමත කිරීමට එරෙහිව විපක්ෂය විසින් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන ලදී.
  • 2024 – මහින්ද යාපා අබේවර්ධන – මාර්ගගත ආරක්ෂණ කෙටුම්පත සහ පොලිස්පතිවරයා පත්කිරීමේදී පක්ෂපාතී ආකාරයට කටයුතු කළ බවට චෝදනා කරමින් සමගි ජන බලවේගය විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළේ ය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රුසියාවට සහ  බෙලරුසියාවට ඔලිම්පික් තහනම් වෙයි!  

Next Post

ඊයේ ජන අරගල විරෝධතාවයට එක් වුණු දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර, රත්කරව්වේ ජිනරතන හිමි ඇතුළු 04ක් 27 තෙක් රිමාන්ඩ්!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.