බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රශ්නයට පිළිතුරු නොලැබුනොත් සිදුවන්නේ අපේ සරසවිවලට ලෝකයේ ඇති පිළිගැනීම නැති වීමයි!  FUTA කියයි …

by editor
සැප්තැම්බර් 5, 2023
in පුවත්
university
Share on FacebookShare on Twitter

විශ්වවිද්‍යාල ආචාර්යවරු රට හැරයාම  නතරකර  ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වුවහොත් ජත්‍යන්තර වශයෙන් පවතින පිළිගැනීම පවා අහෝසි වී  මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය බරපතළ කඩා වැටීමකට ලක්වීමේ අවධානමක් මතුව තිබෙන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය බරණ ජයවර්ධන  පවසයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ දත්ත අනුව මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරු 12000 ක් සිටිය යුතු වවුත්  මේ වනවිට සිටින්නේ 6000-7000 ත් අතර සංඛ්‍යාවක් බවත් ආචාර්යවරු රට හැරයාමට අමතරව රජය නව බඳවා ගැනීම් සිදු නොකිරීම ද මෙම තත්ත්වයට හේතු වී ඇති බවත් මහාචාර්යවරයා කීය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී ඊයේ ද (04) පැවැති මාධ්‍ය හමුවක දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ සමිති සම්මේලනයේ සභාපතිවරයා මෙම තොරතුරු අනාවරණය කළේය.

 

විශ්වවිද්‍යාල වල පවතින ආචාර්ය හිඟයට පිළියමක් ලෙස අලුතින් 1024 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කරන්නේ යැයි අධ්‍යාපන ඇමැතිවරයා පැවසුවත් ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන් ගේ තත්ත්වයට පැමිණීම සඳහා ඔවුන්ට අවම තරමින් වසර 10 ක් පමණවත් ගතවනු ඇතැයි  හෙතෙම අවධාරණය කළේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලක සිසුන් 10 දෙනෙකුට එක් ආචාර්යවරයෙකු ලෙස ලෝකය පිළිගත් අනුපාතයක් තිබෙන නමුත් ශ්‍රී ලංකාවේ මෙම අගය මේ වනවිට සිසුන් 60 කට එක් ආචාර්යවරයෙකු දක්වා පහත වැටී ඇතැයි ද මහාචාර්යවරයා කීවේය.

මෙම වසරේ මුල් මාස හයේ දී විශ්වවිද්‍යාල ආචාර්යවරු 600 දෙනෙකු පමණ රට හැරගොස් තිබෙන බවත් තවත් පිරිසක් නුදුරු අනාගයේදී ම රටින් පිටවීමේ සූදානමින් සිටින බවත් එම සම්මේලනයේ හිටපු සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක   පැවසුවේය.

රජය හඳුන්වා දුන් බදු ක්‍රමය හේතුවෙන් පීඩාවට පත්  විශ්වවිද්‍යාල ආචාර්යවරු පසුගිය මාර්තු මාසයේ දී වෘත්තිය අරගලයක් ආරම්භ කළ බවත් බදු අය කිරීමේ දී යම් සහනයක් දෙන බවට රජයේ නියෝජිතයින් ලබාදුන් පොරොන්දුව මත  එම වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටවූ බවත්  මහාචාර්ය බන්නැහැක එදා සිට මේ දක්වා කිසිවෙකුත් අදාළ ප්‍රශ්නයට විසඳුමක් ලබා දී නැතැයි ද ප්‍රකාශ කළේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ පේරාදෙණිය ශාඛාවේ සභාපති ආචාර්ය රුචික ප්‍රාන්නදු කතා කරමින් වර්ෂ 2019 දී විශ්වවිද්‍යාල සඳහා රාජ්‍ය ආදායමෙන් 4.8 % ක් වෙන් කළ බවත් උද්ධමනය බරපතළ ලෙස ඉහළ ගොස් තිබිය දී 2022 වසර වෙනුවෙන් රජය වෙන් කළේ රාජ්‍ය ආදායමෙන් 4.1 % ක් බවත් පැවසුවේය.

රජය මේ ආකාරයෙන් විශ්වවිද්‍යාල වලට මුදල් වෙන් කිරීම කපා හරිත්දී අනෙක් පසින් සිසුන් බඳවා ගැනීම ඉහළ දමා තිබෙන  අයුරු ආචාර්යවරයා පෙන්වා දුන්නේය.

2019 දී 107000 ක් වූ ශීෂ්‍ය බඳවා ගැනීම් අගය  2021 වන විට 134000 ක් දක්වා වැඩිකර තිබෙන නමුත් ඊට සරිලන ලෙස මුදල් වෙන් කිරීමට හා ආචාර්යවරු බඳවා ගැනීමට වැඩපිළිවෙළක් නොමැති ඔහු පෙන්වා දුන්නේය.

වර්ෂ 2023 ජූලි මාසය වනවිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 15000 ක් අධ්‍යාපනය ලබමින් සිටි බවත් මෙම සිසු සංඛ්‍යාවට ගැලපෙන ලෙස ආචාර්යවරු 1400 ක් සිටිය යුතු වුවත් දැනට සිටින්නේ 800 ක් පමණක් බවත් කී සභාපතිවරයා මෙම තත්ත්වය නිසා ඉදිරියේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලෝක ශ්‍රේනිගත කිරීම් වලින් පහළට ඇද වැටීමේ අවධානමක් ඇතැයි ද අවධාරණය කළේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රාසායනික විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය මානවදේවි ගනහේනගේ, කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය රෝහිත ප්‍රශාන්ත, ජ්‍යෙෂ්ඨ මහචාර්ය  සරත් අබේකෝන්  ද මෙහිදි කතා කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැලිකඩ බන්ධනාගාර රෝහල තුළ සරම්ප පැතිරේ… රැඳවියන් රෝගයෙන් ආරක්ෂා කරගැනීමට බන්ධනාගාර පරිපාලනය මෙහෙයුමක…

Next Post

තිදෙනෙකුගේ වැඩ තනියම කරන්න වෙලා… දරාගන්න බැරි වැඩ කන්දරාව නිසා ඇඹිලිපිටිය රෝහලේ විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරිය සේවය හැර යයි!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.