සාමකාමී විරෝධතාකරුවන්ට ඉඩ ලබාදෙමින් ඔවුන්ට ආරක්ෂාව සපයන්න යැයි හමුදාවට හා පොලීසියට සිහිපත් කරන බව ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිනි ජූලි චුන්ග් ට්විටර් සටහනක් තබමින් පවසයි.
හෙට (09) දින විරෝධතාවට සහභාගී වෙන අය, එය සාමකාමීව සිදු කරන්න යැයි ඇය ඉල්ලා සිටින අතර ‘ප්‍රචණ්ඩත්වය පිළිතුරු නොවේ’ යැයි සඳහන් කර තිබේ.
අවුල් සහ බලය මේ මොහොතේ ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය ආර්ථික සාමාන්‍යකරණය හෝ දේශපාලන ස්ථාවරත්වය ගෙන එන්නේ නැත… තානාපතිවරිය වැඩිදුරටත් පවසා තිබේ.







