විමල් සහ ගම්මන්පිල කිසිසේත් අත්නොහරින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම සංවිධායකයින් ඉදිරිපිට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (05) ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති පක්ෂ සංවිධායකවරුන්ගේ හමුවේ දී ය.
“එදා අපි පොදු අරමුණක් වෙනුවෙන් ආණ්ඩුවෙන් එළියට බැහැලා වෙනම රැස්වීම් තිබ්බා. ඒක අමතක කරලා නෑ. විමල්ලා අමතක කරලා නෑ. ඔවුන් එක්ක ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන්න සූදානමින් ඉන්නවා. “
එක්ව දේශපාලනය කළ පක්ෂ 10 සමග අඛණ්ඩව දේශපාලන කටයුතු කරගෙන යන බවත් පොදු සංධානයක් ගොඩනැගීමේ ඉලක්කය අත් නොහරින බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රතිඥා දුන්නේ එසේය.
පොදු සංධානයක් යටතේ එළඹෙන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණයට තරග කළ යුතු බවට සංවිධායකවරුන් කළ යෝජනාවට අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිවරණයකට වෙනම ඉදිරිපත් වනවා යන්න පක්ෂයේ දේශපාලන මණ්ඩලයට යොමු කර තීන්දු කරන බවය.
උද්ගත වී ඇති තත්වය සම්බන්ධව පක්ෂයේ ස්ථාවරය කුමක් ද යන්න සංවිධායක වරුන්ම පක්ෂයේ සභාපතිවරයාගෙන් විමසීමක් කර තිබිණි. බහුතර පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන විය යුතු බව යෝජනා කරද්දී තවත් සුළු කොටසක් කලබල නොවී තීන්දු ගත යුතු බව පවසා ඇත.
පවතින තත්වයන් දේශපාලනික විමසා බලා උචිතම තීන්දුව ගැනීමට පක්ෂය සූදානම් බව හිටපු ජනපතිවරයා දන්වා ඇත.







