අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විමර්ශන නිමවන තුරු බොරැල්ල වෙස්ටන් රෝහලේ අවයව බද්ධයට අවසර නෑ… නීතිපති අධිකරණයට දන්වයි!

by editor
මැයි 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන කටයුතු අවසන් වනතුරු බොරැල්ල, වෙස්ටර්න් රෝහලට අවයව බද්ධ කිරීම සඳහා ලබාදී තිබූ අනුමැතිය අත්හිටුවන ලෙස ඒ පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කමිටුව නිර්දේශ කර ඇති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

බොරැල්ල, වෙස්ටර්න් රෝහලේ සිදුකෙරුණු බවට වාර්තා වූ වකුගඩු බද්ධ කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් මාධ්‍යය  සිදුකළ අනාවරණයත් සමග සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සිදු කිරීම අත්හිටුවන ලෙස දැනුම්දෙනු ලැබීය.

එම ලිපිය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බොරැල්ල, වෙස්ටර්න් රෝහල විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම අද (04) කැඳවූ අවස්ථාවේ දී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෲ  මේ බව කියා සිටියේය.

අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ අදාළ රෝහලට වකුගඩු බද්ධ කිරිම සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනා විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සාමාජිකයින් 09 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්ද පත්කළ බවය.

මෙම සිද්ධීන්වලට අදාල විමර්ශන කටයුතු අවසන් වන තුරු අදාළ රෝහලට අවයව බද්ධ කිරීම සඳහා ලබා දී තිබූ අනුමැතිය අත්හිටුවන ලෙස එම කමිටුව විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නිර්දේශ කර ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත් අවයව බද්ධ කිරීම සඳහා අදාළ රෝහලට ලබාදී තිබූ අනුමැතිය ඉකුත් දෙසැම්බර් මස 31වනදා අවසන් වී ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා දන්වා සිටියේය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා  අධිකරණය හමුවේ කරුණු දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පණවා තිබෙන අවයව බද්ධ කිරීමේ සැත්කම් තහනම නිසා තම සේවාදායකයන්ට රෝහල් සේවකයින්ට වැටුප් ගෙවීම පවා නොහැකි තත්වයක් උද්ගතව ඇති බව පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ නියෝජිතයෙකුගේ අධික්ෂණය යටතේ අදාළ අවයව බද්ධ කිරීමේ සැත්කම් සිදු කිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් තම විරුද්ධත්වයක් නොමැති බවත් ඔහු කියා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය අදාළ පෙත්සම් පිළිබඳ විභාගය ලබන 11 වනදා පැවැත්වීමට ද දින නියම කළේය.

මෙම පෙත්සම් විභාගය පැවති අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් විකුම් ද ආබෲ  අතර උණුසුම් වචන හුවමාරුවක් ද වරින් වර සිදු වුණි.

දෙරණ

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔලිම්පික් පදක්කම් ලාභි ලෝක සම්භාවනාවට පත් ඇමරිකානු මළළ ක්‍රීඩිකා ටොරී බෝවිගේ නරක් වූ සිරුර නිවසේ තිබී හමුවෙයි!

Next Post

එක්ස්ප්‍රස් පර්ලි අනතුර ගැන ලබන 10 වැනිදා පාර්ලිමේන්තු විවාදයක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.