ඊයේ (28) සිට උසස් පෙළ විභාගය අත් හිටුවීම හේතුවෙන් නොවැම්බර් 28 සිට දෙසැම්බර් 03 දක්වා විභාගය නොපැත්වෙන දින 05 ට අදාල විෂයයන් සඳහා විභාගය පවත්වන අයුරු විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර තිබේ.
එම දිනයන් මෙසේය.
- නොවැම්බර් 28 වන බ්‍රහස්පතින්දා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 23 සඳුදා
- නොවැම්බර් 29 වන සිකුරාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 27 සිකුරාදා
- නොවැම්බර් 30 වන සෙනසුරාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 28 සෙනසුරාදා
- දෙසැම්බර් 2 වන සඳුදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 30 සඳුදා
- දෙසැම්බර් 3 වන අඟහරුවාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 31 අඟහරුවාදා
රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මීට පෙර 27, 28 හා 29 යන තෙදින උසස් පෙළ නොපැවැත්වීමට තීරණය කර ඇත.
දෙසැම්බර් මස 4 වන දිනට කාලසටහනේ නියමිත විෂයන් ඒ අයුරින්ම ආරම්භ වන බව ද පැවසු විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.







