ජාතික ජනබලවේගයේ මැයි දින රැලිය සඳහා එක්වීමට පැමිණි පිරිස් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශය ආසන්නයේ මාර්ගයේ බස් රථ නවතා දිවා ආහාරය ගනිමින් විවේක ගන්නා ආකාරය දැක්වෙන සිද්ධිය පිළිබඳව දක්ෂිණ අධිවේගී මාර්ගය දකුණ භාර පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබේ.
එලෙස නවතා තිබූ බස් රථවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද අධිවේගී මාර්ග පොලීසිය අවධාරණය කර සිටී.
රථ වාහන නීතිය යටතේ අධිවේගී මාර්ගයේ ඕනෑම ස්ථානයක හෝ මාර්ගයේ ඕනෑම කොටසක වාහන නවතා තැබීම තහනම් බවත්,
හදිසි මංතීරුවේ වාහන නතර කිරීමට අවසර ඇත්තේ අත්‍යවශ්‍ය හදිසි අවස්ථාවකදී පමණක් බවත් නීතියේ දැක්වෙද්දී මේ ආකාරයෙන් වාහන නවත්වා තිබිණි. ඔවුන් පවසා ඇත්තේ වැලිපැන්න සේවා කලාපයේ රථ ගාලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙසේ බස් රථ නැවැත්වීම සිදු කර ඇති බවය.
මේ පිළිබඳව කළ විමසීමක දී පොලිසිය පැවසුවේ අධිවේගී පොලිසියේ මෝටර් රථයක් පැමිණ නිලධාරීන් ලබා දුන් උපදෙස් නොතකා විශාල පිරිසක් කටයුතු කිරීම හේතුවෙන් අනතුරක් වළක්වා ගැනීම සඳහා මේ පිරිස එම ස්ථානයෙන් නික්ම යන තුරු පොලිස් රථය නවත්වාගෙන ඉන්නට සිදුවී තිබුණු බව පොලිස් ආරංචි මාර්ග පවසයි.







