ලලිත් චාමින්ද –
රජය විසින් ලබාගෙන තිබු ඇමරිකානු ඩොලර් 332,704ක විදේශිය ණය මුදලක් ආපසු ගෙවිමේ දි එම ණය මුදල දේශිය මුදල් බවට පරිවර්තනය කිරිම සදහා ඉකුත් වර්ෂයේ දි (2023) ඇමරිකානු ඩොලර් 01ක් රුපියල් 524.6050ක් ලෙස අසාමාන්‍ය විදේශ විනිමය අනුපාතයක් යොදාගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
විදේශිය සම්පත් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුළත්ව ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු අන්තර්ගතව තිබේ.
රජයේ මුල්‍ය ප්‍රකාශන අනුව ආපසු ගෙවනු ලැබු මෙම විදේශිය ණය මුදල දේශිය රුපියල් බවට පරිවර්තනය කිරිමේ දි අසාමාන්‍ය විදේශ විනිමය අනුපාතයක් යොදාගෙන ඇති බව නිරික්ෂණය වන බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
ඒ අනුව ඇමරිකානු ඩොලර් එකක් රුපියල් 524.60 ක විදේශ විනිමය අනුපාතය යටතේ ඇමරිකානු ඩොලර් 332,704ක මුදල දේශය මුදල් බවට පරිවර්තනය කිරිම සදහා ශ්‍රිලංකා රුපියල් දාහත්කෝටි, හතලිස්පන්ලක්ෂ, තිස්හය දහස්, පන්සිය දහ අටක (174,536,518 ) මුදලක් වැය කොට තිබුණි.
ආර්ථික අර්බුදය උත්සන්න වෙමින් පැවති කාලයේ දි රුපියලේ අගය වේගයෙන් අව ප්‍රමාණය වෙමින් තිබු උපරිම අවස්ථාවේ දි පවා ඇමරිකානු ඩොලර් 01ක් සදහා ගෙවා ඇත්තේ රුපියල් 363.17කි. එම විදේශ විනිමය අනුපාතය යටතේ ඩොලර් 332,704ක මුදලක් ලබා ගැනීම සඳහා වැය වන ශ්‍රි ලංකා රුපියල් ප්‍රමාණය දොළොස් කෝටි, අටලක්ෂ විසිඅට දහස්, එකසිය එකොළහකි (120,828,111). ඒ අනුව අදාල විදේශිය ණය මුදල ගෙවිම සදහා ඩොලර් මිලදි ගැනිමේ දි රුපියල් මිලියන 53.7ක මුදලක් වැඩිපුර වැය කොට මුල්‍ය අපරාධයක් සිදුකොට ඇති වට හෙලිවි ඇත.