ලැගුම්හලක මුවාවෙන් කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා විදේශීය කාන්තාවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොල්ලුපිටිය පොලිසිය කටයුතු කර ඇත.
කොල්ලුපිටිය පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන් විසින් ඊයේ (13) රාත්‍රියේ මෙම වැටලීම සිදු කර තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවන් අවුරුදු 30 ත් 38 ත් අතර වයස්වල පසුවන බව පොලිසිය පැවසුවේය.
මෙම කාන්තාවන් අද (14) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි