අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔත්තු කරුවන් යැයි සැක කර දස වද දී තරුණයින් 02ක් මැරූ කුඩු පාතාලයා…

by editor
ජනවාරි 14, 2023
in පුවත්
ඝාතනය වූ මෙහොමඩ් අන්වර් මොහොමඩ් අර්ෆාත් (වමේ) සහ මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් අසාර්

ඝාතනය වූ මෙහොමඩ් අන්වර් මොහොමඩ් අර්ෆාත් (වමේ) සහ මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් අසාර්

Share on FacebookShare on Twitter

මාවනැල්ලේ අතුරුදහන් ව සිටි මුස්ලිම් තරුණයින් දෙදෙනා මළ සිරුරු හමු වූයේය. පෙරේදා (12) එක් සිරුරක් සොයා ගත් අතර අනෙක් සිරුර ඊයේ සොයා ගැනුණි.

නොවැම්බර් 19 හා 25 යන දෙදින තුළ අතුරුදන්වූ බවට මාවනැල්ල පොලිසියට වාර්තා වුන මෙම තරුණයින් දෙදෙනා දස වද දී මරා රඹුක්කන හුරීමළුව ප්‍රදේශයේ  නිවසක් පසුපස වළ දමා තිබිණි. අපරාධයට ලක් වී තිබුණේ මාවනැල්ල කිරිංගදෙණිය හා කෙරමිණියවත්ත ප්‍රදේශවල පදිංචි හැවිරිදි මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් අසාර් (26) සහ මොහොමඩ් අන්වර් මොහොමඩ් අර්ෆාත් (28) යන දෙදෙනාය.

මෙම තරුණයින් රඳවාගෙන පහර දෙන අතර ඔවුන් තියුණු ආයුධවලින් කපා, එම තුවාලවලට ලුණු කුඩු සහ විෂබීජ නාශක දියර ඉසිමින් දස වදයට ලක් කර ඔවුන්ව  මරා දමන්නේ හුරීමලුවේ ෆර්හාන් නැමැති ප්‍රාදේශීය කුඩු ජාවාරමක ප්‍රධානියෙකි.

හුරීමළුවේ ෆර්හාන් නැමැති මිනීමරුවා  පුරා දින තුනක් තිස්සේ මෙම තරුණයින් වදයට ලක් කිරීමෙන් පසු මරා දමන  ආකාරය ඇසින් දුටු පුද්ගලයෙක් සිටියේය. ඔහුත් මරා දැමීමට නිමයිතව වදයට ලක් වූ තැනැත්තෙකි. එහෙත් ඔහු ජීවිතය බේරාගෙන පලාගොස් තිබිණි.

සිය නිවසේ කාමරයක් තුළ මේ තරුණයින් දෙදෙනාට දස වද දී මරා දමා සිරුරු පොලිතින්වල ඔතා තම නිවස පසුපස වළ දැමීමට මිනීමරු ෆර්හාන් කටයුතු කර තිබිණි. අනතුරුව වළ දැමූ ස්ථානය කොන්ක්‍රීට් ආස්තරණයකින් ආවරණය කිරීමට ඔහු කටයුතු කර ඇත.
පොලිස් විමර්ශන පවසන්නේ ඝාතනය වූ තරුණයින් දෙදෙනා හෙරොයින් මත්කුඩුවලට ඇබ්බැහි වූවන් බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඝාතනය සිදුවූ නිවස

ඇසින් දුටු සාක්ෂි

ඔවුන් දෙදෙනා ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරීම සම්බන්ධව මුල්ම තොරතුර ලැබෙන්නේ කෑගල්ල කොට්ඨාස අපරාධ කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුටය. රඹුක්කන හුරීමළුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර හුරීමළුවේ ෆර්හාන් නමැත්තාගේ නිවස තුළ තරුණයින් දෙදෙනෙකු ඝාතනය කරන අයුරු තමා දුටු බවට වූ තොරතුරක් පුද්ගලයෙකුගෙන් ඔහුට ලැබී තිබිණි.

තරුණයන් දෙදෙනා මරා දැමීමෙන් පසු එම නිවස පසුපස වළලන අයුරු දුටු බවත් ඔහු පවසා තිබිණි.

තොරතුර දුන් තරණයාට ද මත්ද්‍රව්‍ය ජවාරම්කරු පහර දී තිබිණි. ඔහුත් මරණයට නියම වූ අයෙකි.

“ මට හොඳටම ගැහුවා. මට ගහන අතරෙ මේ තරුණයින් දෙදෙනා ඒ නිවසේ කාමරයක් ඇතුළෙ සිරකරන් හිටියා. ආයුධ වලින් කැපුවා. ඊට පස්සේ ඒ තුවාලවලට ලුණු කුඩු දැම්මා. විෂබීජ නාශක වතුර දැම්මා… ඒ කොල්ලො දෙන්නා විඳපු අපා දුක මම මගෙ ඇස් දෙකින්ම දැක්කා.“ ඔහු පොලිසියට කීවේය.

මොහොමඩ් අන්වර් මොහොමඩ්  අර්ෆාත් නම් තරුණයාට දින තුනක් පමණ වධහිංසා පැමිණ වූ බව ඔහු පොලීසිය සඳහන් කළේය. එහෙත් මුලින්ම මිය ගියේ 26 හැවිරිදි මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් අසාර් බවත් ඔහු කිවේය.

මිය ගිය තරුණයා නිවසේ පසුපස ස්ථානයක වළදැමුණු ආකාරය ඔහු පොලිසියට අනාවරණය කළේ.

දින තුනක් වද විඳි 28 හැවිරිදි මොහොමඩ් අන්වර් මොහොමඩ් අර්ෆාත් පසුව මිය ගිය පසු එම ස්ථානයට යාබදව ඔහුවද වළ දමා තිබිණි.

 

;

විමර්ශන ආරම්භ කිරීම 

මේ පිළිබඳ කෑගල්ල කොට්ඨාස අපරාධ කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර ගේ උපදෙස් මත එහි ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා අප්සරා අබේගුණසේකර වැඩිදුර විමර්ශන සිදුකර වැදගත් තොරතුරු රැසක් හෙළිකරගැනීමට සමත් වී ඇත.

ඒ හෙළිවන තොරුතු අනුව තරුණයන් දෙදෙනා හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූවන්ය. පසුගිය නොවැම්බර් මස රටේ හෙරොයින් හිඟයක් මතුවීමත් සමග ඔවුන් අයිස් මිලදී ගැනීමට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවසට ගොස් තිබේ.

ඝාතනයට හේතුව මියගිය දෙදෙනාගෙන් 28 හැවිරිදි තරුණයාගේ සහෝදරයා සහ මෙම ජවාරම්කාර අර්ෆාන් අතර ඇතිවී තිබුණු මත්ද්‍රව්‍යා ජාවාරමේ ආරවුලකි. ඒ පුද්ගලයා හුරීමළුවේ ෆර්හාන් නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් මත්ද්‍රව්‍ය ලබාගෙන මුදල් ලබා නොදීම සම්බන්ධව ගැටුමක් තිබී ඇත. අයිස් සොයා නිවසට ගිය මෙම තරුණයා සහ ජවාරම්කාර ෆර්හාන් අතර ප්‍රශ්නයක් ඇති වී තිබෙන්නේ එක් තරුණයෙකුගේ සොයුරා විසින් මුදල් නොදී මග හරිනු ලැබූ මත්ද්‍රව්‍ය පිළිබඳවය.

ඒ සම්බන්ධව තරුණයා සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අතර වචන හුවමාරුව බහින්බස් වීමක් තෙක් දුර දිග ගොස් ඔවුන් දෙදෙනාම ජාවාරම්කරුගේ ග්‍රහණයට හසු වී තිබේ.

ප්‍රාදේශීය මට්ටම තෙක් විහිදී ගිය මත්ද්‍රව්‍ය ජාවාරමේ ම්ලේච්ඡත්වය හෙළි කරමින් මේ තරුණයින් දෙදෙනා ඝාතනය වී ඇත්තේ ඔවුන්ට අදාල නැති මත්ද්‍රව්‍ය ජාවාරමේ දිගුවක් ලෙස බව දැන් අනාවරණය වී ඇත.

එමෙන්ම මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා තමන් සොයාගෙන පැමිණි මේ තරුණයින් දෙදෙනා තමන් ගැන පොලීසියට ඔත්තු සපයන්නන් බවට ද අර්ෆාන් සැක කර තිබේ. ඔවුන්ට දස වද දී ඝාතනය කරන්නේ ඒ හේතුව නිසා බව ද විමර්ශන අංශ කියයි.

පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් ද සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවසේ පසුපස කොටස පෙරේදා (12) පරීක්ෂා කළාය.
අනතුරුව නිවසේ පසුපස කොටසේ කොන්ක්‍රීට් තට්ටුවක් දමා කුකුළු කොටුවක් සැකසීමට සකස් කළ ස්ථානයක පොලීසිය විසින් කැණීමක් සිදුකෙරිනි.

එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය 12 දා පස්වරුවේ මළසිරුරක් සොයාගත් අතර ඒ, 26 හැවිරිදි මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් අසාර්ගේ බව පොලිසිය විශ්වාස කරන්නේය.

ඊයේ එහි කැණීම් සිදුකළ විමර්ශන නිලධාරීන් ට එහි වූ ඳෝනාවක් වැනි කොටසක් තුළින් අනෙක් මළසිරුර ද සොයාගැනීමට හැකිවී තිබුණි.

එය මොහොමඩ් අන්වර් මොහොමඩ්  අර්ෆාත් නම් 28 හැවිරිදි තරුණයාගේ සිරුර යැයි සැකකරන බව පොලීසිය කියන්නේය.
මියගිය තරුණයින්ගේ සිරුරු එතීම සඳහා භාවිත කළ බව පැවසෙන ඉටි කොළ ද සැකකරුගේ නිවසේ තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබිණි.

සිද්ධියට සම්බන්ධ හුරීමළුවේ ෆර්හාන් නමැත්තා ඇතුළු ප්‍රධාන සැකකරුවන් සිව්දෙනෙක් මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස්ය.
පොලිසිය මිනිමරුවන් සොයා පරීක්ෂණ මෙහෙයවන්නේය. .

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද එන චීන බලවතුන් යනකොටම  ඉන්දීය  විදේශ ඇමති  එන සතියේ ශ්‍රී ලංකාවට!

Next Post

විදේශීය කාන්තාවන් යොදාගෙන පවත්වාගෙන ගිය කොල්ලුපිටියේ ගණිකා නිවාසයක් වටලයි!…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.