සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදෙස් මාධ්‍ය වාර්තා කළ බෙත්ලෙහෙමේ අඳුරු නත්තල…

by editor
දෙසැම්බර් 25, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ගාසා තීරයේ මේ මොහොතේත් ඇවිලෙමින් ඇති බිහිසුණු යුද්ධයේ අඳුරු මරණය සෙවනැලි අතර හිඳිමින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉපදුන බෙත්ලෙහෙමේ නත්තල් සැඳෑවක් සනිටුහන් විය. ඒ ඊයේ (24) සවසය.

නත්තල් සතියේ බටහිර ඉවුරේ සාමාන්‍යයෙන් පහළ වන ප්‍රීතිය කොතැනකවත් සොයාගත නොහැකි වූ ආකාරය අන්තර්ජාතික පුවත් ඒජන්සි වාර්තා කරයි.

සාමාන්‍යයෙන් මැන්ගර් චතුරශ්‍රය අලංකාර කරන උත්සව විදුලි පහන් සහ යෝධ නත්තල් ගස නොවීය. ඒ අසිරිය දකින්නට රොද බැඳගෙන පැමිණෙන විදේශීය සංචාරකයින් ද දක්නට නොලැබිනි.

සම්ප්‍රදායික විචිත්‍ර තූර්යවාදනයෙන් තොරව පලස්තීන බාලදක්ෂයෝ නිශ්ශබ්දව වීදි හරහා ගමන් කළහ. ඔවුන්ගෙ අත්වල “ගාසා තීරයට සහ එහි ජනතාවට සාමය” යනුවෙන් පෝස්ටර් විය. ජේසුස් වහන්සේ උපත ලැබූ බවට විශ්වාස කෙරෙන ස්ථානයට ඉහළින් ඉදිකරන ලද නේටිවිටි දේවස්ථානය අසල ආරක්ෂක හමුදා බාධක යොදා තිබිණි. කුඩා පිරිමි ළමයෙක් විකිණීම සඳහා බැලූන් ගොඩක් අතැතිව සිටගෙන සිටියත් ඒවා මිලදී ගැනීමට ගනුදෙනුකරුවන් නොවුනි.

Pizzaballa ගාසා නගරයේ ශුද්ධ වූ පවුලේ දේවස්ථානයේ විශේෂ පූර්ව නත්තල් දේව මෙහෙයක් පවත්වන ලදී. පලස්තීන කිතුනුවන් කිහිප දෙනෙකු ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත පැවසුවේ පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී යුද්ධය ආරම්භ වූ දා සිට යන්තම් ප්‍රමාණවත් තරම් ආහාර සහ ජලය නොමැතිව ඔවුන් පල්ලියේ අවතැන් වූ බවයි.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

“ලබන වසරේම එදිනම අපගේ නිවෙස්වල නත්තල් සමරමින් බෙත්ලෙහෙමට යාමට හැකිවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා” යැයි යුද්ධය අවසන් කිරීමට යාඥා කළ අවතැන් වූ කාන්තාවක් වන නජ්ලා තරාසි පැවසුවාය. “අපිට සතුටක් දැනෙන්නේ නැහැ.”

බෙත්ලෙහෙම යනු ක්‍රිස්තියානි ඉතිහාසයේ වැදගත් මධ්‍යස්ථානයකි, නමුත් ශුද්ධ වූ දේශය පුරා විසිරී සිටින මිලියන 14ක පමණ පදිංචිකරුවන්ගෙන් කිතුනුවන් සිටින්නේ කුඩා ප්‍රතිශතයකි. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව ඊශ්‍රායලයේ 182,000 ක්, බටහිර ඉවුරේ සහ ජෙරුසලමේ 50,000 ක් සහ ගාසා තීරයේ 1,300 ක් පමණ කිතුණුවෝ සිටිති.

මේ අතර අඛණ්ඩ රුසියානු ප්‍රහාර හමුවේ විදුලිය නොමැති හිම මිදෙන සීතලේ යුක්‍රේනයේ කිතුනු බැතිමත්හු අද සහ හෙට දෙදින තුළ නත්තල සැමරීමට සූදානමින් සිටිති. 2023 වසර පෙර ජුලියන් දින දර්ශනයට අනුව ඔවුන් නත්තල සැමරුවේ ජනවාරි 7 වැනිදාය.

වසර පහකට පෙර ගිනිගෙන හානි වූ පැරීසියේ නෝත්‍රදාම් ආසන දෙව් මැදුර යළි විවෘත කිරීමෙන් අනතුරුව මුල්ම නත්තල් දේව මෙහෙය පැවැත්වුනේය.

රාජකීය නත්තල් කැරොල් ප්‍රසංගය කේට් කුමරියගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අයුරින් වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේදී පැවැත්විය.

සිය සමීපතමයින්ගේ දුරස්ව කල් ගෙවන ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ගගනගාමීන්ද සිය නත්තල් සුබ පැතුම් පෘථිවියට එවනු ලැබුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මේ රට අත්විඳින්නේ පසුගිය රජය දියත් කළ වැඩපිළිවෙළ ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් නොකළ නිසා ලැබෙන ප්‍රතිඵලයක්… වැඩිපුර උද්දාමයට පත් නොවන්නැයි හර්ෂ ආණ්ඩුවට කියයි!

Next Post

ගතවූ පැය 24 තුළ බේබදු රියදුරන් 251ක් මාට්ටු!

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.